ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලිමේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.