උද්ගතව ඇති දේශපාලන අර්බුධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන සදහන් වේ.
රුපියල් බිලියන 1.85ක ණය මුදලක් ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි මත අනුමත වී තිබුණි.
නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්ව කුමන්ත්රණකාරී ලෙස ආණ්ඩුවක් ගොඩනැගීම හේතුවෙන් හටගෙන ඇති දේශපාලන ව්‍යාකූලත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සිය ණය පහසුකම් අත්හිටුවා ඇත.
මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීමත් සමඟ ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පසුගිය රජය ක්‍රියාත්මක කරමින් තිබූ ඉන්ධන මිල සූත්‍රය ආදිය ඉවත් කිරීම සිදුකර ඇත.
එසේම පිහිටුවාගෙන ඇති රජය 2019 වසර සඳහා නියමිත අයවැය වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර පාර්ලිමේන්තුවේ බහුතර දිනාගැනීමට ද අපොහොසත්ව ඇත.
එසේම රට තුළ තවදුරටත් දේශපාලන අස්ථාවර භාවයක් ගොඩනැගෙමින් පවතින අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදීමට තිබූ ණය ආධාර ඉවත්කරගෙන තිබේ.