රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බව වාර්තාවේ.

ආන්ඩුව වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ  ඇගමැති ධුරයට පත් කිරීම සාධාරණීකරණය කරමින් හා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූල නොවන ව පවසමින් කරනු ඉදිරිපත් කර තිබිණි. විපක්ෂය වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයින් මහින්ද රාජපක්ෂ  අගමැති ලෙස පිළිගත නොහැකි බව පවසමින් කරුණු දක්වා ඇත.