topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

FCID යනු දඩයම් ගුහාවක් -වීරවංශ කියයි.

4

FCIDය ක‍්‍රියාත්මක වන්නේ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනයක් හෝ නීතිය නමන ආයතනයක් ලෙස නොව නීති කඩන ආයතනයක් ලෙස බවත්, එය තනිකරම ජාතිකවාදී බලවේග මර්දනය පිණිස මෛත‍්‍රී- රනිල් ආණ්ඩුව විසින් සාදනු ලැබූ දඩයම් ගුහාවක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ  අවධාරණය කළේය.

කොළඹ  පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබා දීමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේ අවධාරණය කළේය.
‘‘ පාදුක්කේ මහා හොටල් ‘රිච්ලූක්’ නැමති සමාගම් ඡාලයක්, ඉඩම් මහා තොගයක් හා මහා මන්දිර අයිති බවට මට චෝදනා අවලාද ගහපු ආණ්ඩුවේ මහත්වරු මාව  කැදවලා තියෙන්නේ වාහනයක් අතිරේකව භාවිතා කරලා රජයට පාඩුවක් සිදු කළාද නැද්ද කියලා ප‍්‍රශ්න කරන්න.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ

ප‍්‍රශ්නය- අද ඔබව අත්අඩංගුවට ගන්නවා කියා තිබෙනවාද?

පිළිතුර:- ඒ ගැන මම කියන්න දන්නේ නැහැ. මෙතැන සිටින නිලධාරීන් මගෙන් ප‍්‍රශ්න කළාට පසුව තීරණය කරාවි අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම. නමුත් කැමැත්ත තියෙන්නේ අත්අඩංගුවට ගැනීමට කියලා නම් අපි දැනගෙන ඉන්නේ.

ප‍්‍රශ්නය:- දිගින් දිගටම ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් අත්අඩංගුවට ගන්නවා නේද?

පිළිතුර:- මේ රට අද බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ න්‍යාය පත‍්‍රයක් අනුව නැටවෙන තැනක් බවට පත්ව තිබෙනවා. මේ වෙලාව කියන්නේ මේ රාජ්‍යය බෙලහීන කිරීමට බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ව්‍යවස්ථාවක් රැගෙන එමින් තිබෙනවා. රණවිරුවන් දංගෙඩියට යවන යුද අධිකරණ පිහිටුවීමට සූදානම් වන වෙලාවක්. ඒ වගේම රණවිරුවන්ට චෝදනා නිර්මාණය කිරීමට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීමට පනත් රැුගෙන එමින් තිබෙන වෙලාවක්. එහෙම වෙලාවක මේ ආණ්ඩුවට ජාතිකවාදීව අභියෝගයක් එල්ල වන්නේ ඒකාබද්ධ විපක්‍ෂයෙන් පමණයි. ඒ අභියෝගය දේශපාලනිකව පැරදවීමට බැරි නිසා ආණ්ඩුව බලනවා ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධානීන් තෝරා ගෙන ඔවුන් දඩයම් කිරීමට.

අපි මේ රටේ දේශපාලනයට ආවේ 1987 ඉන්දු – ලංකා ගිවිසුමත් සමග. ඒ යුගය බටලන්ද වධකාගාර තිබුණු යුගයක්. ඒවට බිය නොවී දේශපාලනයට ආපු අපි අද මේ FCID කියලා අටවලා තිබෙන කුක්කන්ගේ ආයතනයකට ගෙන්වලා යටත් කරන්න ලැබෙන්නේ නැහැ. මේ  කියන්නේ නීති විරෝධී ආයතනයක්. මේ ආයතනය පිහිටුවීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගණනාවක් පවරලා තිබෙනවා. කවර හේතුවක් නිසා හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නඩු කල් දමමින් තිබෙනවා.

ප‍්‍රශ්නය:- එතකොට ඔබතුමා කියන්නේ අධිකරණය ස්වාධීන නැහැ කියලාද?

පිළිතුර:- අධිකරණට ස්වාධිනද, නැද්ද කියලා අපට බලා ගන්න පුළුවන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරල තිබෙන ප‍්‍රධාන නඩු දෙකකට ලැබෙන තීන්දු අනුව, එකක් පළාත් පාලන ඡුනදය කල් දැමීමට එරෙහිව පවරා ඇති නඩුවක්. ඒක දිගින් දිගටම කල් දමමින් තිබෙනවා. අනෙක මේ ආයතනයට විරුද්ධව පවරලා තිබෙන නඩු. මේ ආයතනය පොලිස් ආඥා පනතට පටහැනිව පිහිටුවීම, අගමැතිවරයාගේ පැමිණිලි පමණක් විමර්ශනය කිරීම. මහජනයාට විවෘත නොවීම ආදී කරුණු මතයි ඒ නඩු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇත්තේ. ඒ නඩුත් දිගින් දිගටම කල් දමනවා. ඒ නිසා මහජනයාට මේ පිළිබඳව ප‍්‍රශ්නයක් තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.