ඌව පළාත තුළ බුර්කාව පැළදීම දිගටම තහනම් බව ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි. හදිසි නීතිය යටතේ බුර්කාව පැළදීම තහනම ඉවත්ව ගියද ඌව පළාතේ කිසියම් හෝ ස්ථානයක යමෙකු බුර්කාව පැළඳ ගැවසී සිටින්නේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුවනු ඇතැයිද ආණ්ඩුකාරවරයා පවසා ඇත.