දිවයින පුරා පොලිස් නිලධාරීහු විශේෂ ප්‍රතිඥාවකට එක්වුහ.
ඒ, ජාතික පොලිස් කොමිසම, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බවට වූ ප්‍රතිඥාවට යි.
ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ පැවසුවේ, සෑම පොලිස් නිලධාරියෙකු ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඉදිරියේදී එම ප්‍රතිඥාව ලබාදුන් බවයි.
මෙම ආචාර ධර්ම පද්ධතියට නිලධාරීන් අත්සන් තැබීමෙන් පසු පසුවිපරම් කිරීමට ද පියවර ගෙන ඇතැයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ ය.