කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇය ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත. ඇය අලව්ව ප‍්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවකි.
අදාළ කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ තිබේ. ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.