එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා හෙට දිනයේදී තැපෑලට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවලදී සිදු කෙරේ. එම දිනවලදී තැපැල් ඡන්ද භාවිත කළ නොහැකි රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 යන දෙදින තුළදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැක.