වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට ලබාදීමට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය හෙරොයින් ග‍්‍රෑම් 5කට ආසන්න ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙනවිත් තිබූ බව වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසයි. බෙහෙත් ආලේපනයක ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය සිරකරුවෙකුට ලබාදීමට එම කාන්තාව උත්සාහ කර ඇත. පසුව ඇය බොරැල්ල පොලීසියට භාරදී තිබේ.