topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕනෑ.

ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික විගණන ක්‍රියාවලියට සිදුකර තිබෙන බලපෑමත් ඒ මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියට පාර්ලිමේන්තුව සතු බලය අහිමි වීමත් පිළිබඳව කරුණු පැහැදිළි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අලුතින් පත් කළ ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව සම්බන්ධයෙන් පවතින තත්වයත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ගැමි වහරේ තියෙනවා, ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕනෑ කියලා. මේකෙන් කියන්නේ මූල්‍ය පාලනය සම්බන්ධවයි. මේ ගැමි වහරේ තිබෙන යෙදුම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉටු කරන්නේ රාජ්‍ය විගණන ක්‍රියාවලියෙන්. සමාජවාදී වේවා, ධනවාදී වේවා ඕනෑම ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යන රටක මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සහාය දක්වන්නේ විගණන ක්‍රියාවලියෙන්. 20වැනි සංශෝධනයෙන් කරන්නේ විගණකාධිපතිවරයා පත් කිරීමත් විගණන ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම දුර්වල කරලා පාර්ලිමේන්තුව සතුව තිබුණු මූල්‍ය පාලන බලය අහිමි කිරීම. ව්‍යවස්ථාවෙන් කොහොමද මූල්‍ය පාලනය කරන්නේ කියන එක ජනතාවට තේරෙන්නේ නැහැ. 1978 ඉඳලම මූල්‍ය පාලනය සම්බන්ධ බලය පාර්ලිමේන්තුවට තිබුණාද කියන ප්‍රශ්නයත් මතු වෙනවා. නමුත් ගානක් මිම්මක් නැතුවම මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දාන්න 20වැනි සංශෝධනය තුළින් උත්සාහ කෙරෙනවා.
වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවලින් පෞද්ගලික ආයතනයක ලාභ අලාභ තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු සපයන්නේ විගණනයෙන්. ආයතනයක් ලාභ වුණත් ඊට වඩා ලාභ ලබාගන්න තිබූ අවස්ථාවන් අහිමි වීම වගේ තත්වයන් විගණනයෙන් දකින්න පුළුවන්. රජයටත් එහෙමයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය වගේම නිලධාරීන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ජනතාවගේ බදු මුදල්වලට සාධාරණය ඉෂ්ඨ කරල දෙන්නේ කොහොමද? මීට වඩා සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඉඩ තිබුණාද කියලා පැහැදිළි කෙරෙන්නේ විගණන වාර්තාවෙන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148වැනි වගන්තිය යටතේ සමස්ත මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි. ඒ වෙනුවෙන් වාර්තා සපයන්න බලය පවරලා තියෙන්නේ විගණකාධිපතිවරයාට. විගණන නිලධාරීන් හා සුපරීක්‍ෂකවරුන් විසින් කාලයෙන් කාලයට රාජ්‍ය ආයතන පරීක්‍ෂා කරලා කාර්තුමය වාර්තා, අර්ධ වාර්ෂික වාර්තා සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අන්න ඒ ගිණුම් වාර්තා මත පදනම්ව සවිස්තර වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනවා. මෙම කාරක සභාවල සාමාජිකයින් විගණකාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් කැඳවාගෙන මේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ලිහා බැලීමක් සවිස්තරාත්මකව කරනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ඨ කරන්නේ ඔය විදිහට.
විගණකාධිපතිවරයා පත්කිරීමේ ඉඳලාම ස්වාධීනත්වය අහෝසි කිරීම වගේම විගණනයට තිබෙන රාජ්‍ය ආයතන ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තුවට තිබුණු බලය අහිමි කිරීම 20වැනි සංශෝධනයෙන් සිදු කරනවා. විගණනය කියන්නේ එක් අංශයක් විතරක් නෙවෙයි. සංස්ථාවක, මණ්ඩලයක මූල්‍ය ප්‍රකාශන වගේම ඒ මූල්‍ය ප්‍රකාශන අදාල ප්‍රමිතියට සකස් කර තිබෙනවාද කියන එක බලන්නෙත් විගණනයෙන්. මූල්‍ය ප්‍රකාශන හදපු පලියට පිළිගන්නේ නැහැ. අදාල නිර්දේශය ලබා දෙන්නේ විගණකාධිපතිවරයා. සමහර වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය ඉදිරිපත් නොකර සිටීම කළ හැකියි. වාර්තා පිළි නොගැනීම තවත් බරපතලයි. ඒ වගේම ප්‍රතික්‍ෂේප කිරීම ඊටත් වඩා බරපතලයි. විගණකාධිපතිවරයා මූල්‍ය විගණනය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් පුළුල් වගකීමක් දරනවා.
ඊළඟට, කාර්ය සාධන විගණනය කියල එකක් තියෙනවා. යෙදූ මුදලට ලාභය පෙන්වා තිබුණත් සමස්ත ක්‍රියාවලිය නිසි පරිදි සිදුකර උපරිම ප්‍රතිලාභ ලබා තිබෙනවාද කියන එක පෙන්වන්නේ කාර්ය සාධනයෙන්. ඒ තුළින් සමස්ත ක්‍රියාවලිය විමර්ශනයට ලක් කරනවා. විගණනයෙන් තවත් එහාට ගිහිල්ලා මෑත කාලයේ අපේ රටේ ජනප්‍රිය වුණු වෝහාරික විගණනය කියන සෛලගත විමර්ශණයටත් ලක්කරනවා. හරියට වෛද්‍ය විද්‍යාවේ වෝහාරික පරීක්‍ෂණයක් කරනවා වගේ. අනෙක් පැත්තෙන් පාරිසරික විගණනය කියල දේකුත් තියෙනවා. ව්‍යාපෘතියක් වගේම සමස්ත පරිසරයට සිදුවන බලපෑම ගැනත් ඒ මගින් විමර්ශනය කරනවා. මේ විගණයෙන් අර මෑතදී රජයේ ඇමතිවරයෙක් කිව්වා වගේ අපිට ඔක්සිජන් ඕනෑ නෑ කියන තර්කවලට උත්තර ලැබෙනවා. ක්‍රීඩා පිටිය වෙන තැනකට ගෙනියලා ඔක්සිජන් නිෂ්පාදනය කරන පාරිසරික පද්ධතිය ආරක්‍ෂා කිරීමට නිර්දේශ කරන්නේ මේ විගණනයෙන්. මිනිසුන්ට වගේම සත්තුන්ට ජීවත් වීමේ අයිතිය ගැන කියන්නෙත් ඒ මගින්. තව පැත්තකින් පද්ධති විගණනය කියලත් තියෙනවා. උදාහරණයක් හැටියට අභ්‍යන්තර පාලන පද්ධතිය හෝ තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පාලනය කෙරෙනවාද කියල බලන්නේ මේ විගණනයෙන්.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති.

Leave A Reply

Your email address will not be published.