පසුගිය මහ මැතිවරණයෙදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පුජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීන්දුකර කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
මෙම මන්ත්‍රී ධුරය සඳහා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අතර පසුගිය මාස කිහිපයෙහි බරපතල ගැටුමක් මතුව තිබිණ. එහිදී ඥාණසාර හිමියන් චෝදනා කළේ එම අර්බුදයට හේතුව රතන හිමියන් විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවයි.