topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් එකට උපාධි දෙන්න බලයක් නැහැ.

1

සයිටම් එකට උපාධි දෙන්න බලයක් නැහැ… එස්.බී. ගෙනාපු නීති එස්.බී.ම කඩලා.යයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක  පැවසුවේය.ඒ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී 2016.12.20 පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි .වැඩි  දුරටත්  අදහස් දැක්වූ  බිමල්  රත්නායක  මෙසේද පැවසීය ”සයිටම් ආයතනයේ ගැටලූව දැන් වසර කිහිපයක් පුරා කතාබහ වෙමින් තිබෙනවා. අද වන විට එය අධිකරණ ක‍්‍රියාමාර්ග දක්වා ඉදිරියට ගිහින් තියනවා. එයට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මෙම ආයතනය වෛද්‍ය උපාධි ලබා දුන්නත් එය වෛද්‍ය සභාව එය අනුමත නොකිරීමයි. මුල් අවස්ථාවේදීම සයිටම් ආයතනය උපාධි ලබාදෙන ආයතනයක් ලෙස පිළිගන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධයි. නමුත් අද සයිටම් ආයතනයේ ප‍්‍රශ්නය දේශපාලන ප‍්‍රශ්නයක් නොව නීතිමය ප‍්‍රශ්නයක්.

78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත 85දී 88 අවස්ථා තුනකදී 89දී සහ 95දී සංශෝධනය කොට තිබෙනවා. කෙසේ නමුත් එම පනතේ උපාධිය ප‍්‍රධානය කිරීමේ ආයතනයක් පිහිටුවීම පිළිබඳව නිශ්චිත නීත්‍යනුකූල වගන්ති සඳහන් කොට තිබෙනවා. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමෙන් පසුව එහි නීතිමය තත්ත්වයන් සකස් කොට තිබෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් යම් ආයතනයකට උපාධිය ලබා දීමේ සුදුසු නුසුදුසු තත්ත්වය තීරණය කරන්නේ අධිකාරියක් පිහිටවනු ලබනවා. 78 විශ්වවිද්‍යාල පනත අනුව එයට ප‍්‍රතිපාදන තිබෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම 2011 පෙබරවාරි 03වනදා උපාධි ප‍්‍රධානය කිරීමේ ආයතන පිළිබඳ කොන්දේසි සහ ක‍්‍රමවේදයන් පිළිබඳව මාර්ගෝපදේශන සකස් කොට තිබෙනවා. ඒවා ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පැහැදිළිව සඳහන් වෙලා තිබෙනවා. ඊට අනුව 2013 අගෝස්තු 22වනදා එවකට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක විසින් ගැසට් එකක් නිකුත් කරනවා. එම ගැසට් නිවේදනයේ මෙම උපාධි ප‍්‍රධානය පිළිබඳ ක්‍ෂෙත‍්‍ර 12ක් යටතේ කොන්දේසි 90ක් ඉදිරිපත් කොට තිබෙනවා. එම ගැසට් නිවේදනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව නිශ්චිත කොන්දේසි අඩංගු කොට තිබෙනවා.
එක් කරුණක් තමයි වෛද්‍ය අධ්‍යාපනයට අදාල සායනික පුහුණුව ආචාර්යවරු සහ රෝහල් පිළිබඳව වෛද්‍ය සභාව ස්ථාපිත කර ඇති රෙගුලාසි මත සකස් කළ යුතු බව. ඒ වගේම උපාධි ප‍්‍රධානය කිරීමේ බලතල වෛද්‍ය සභාවේ නීතිවලට අනුව ලබා දිය යුතුය යන්නයි. 2011 පෙබරවාරි 22-23 දෙදින විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පිළිබඳව විශේෂ සාකාච්ඡුාවක් පැවැත්වුනා. එහිදී වෛද්‍ය සභාව නියෝජනය කළ නොනිස් මහතා විසින් සයිටම් ආයතනය පිළිබඳව විශාල අඩුපාඩු ප‍්‍රමාණයක් පෙන්වා දුන් අතර උපාධි ප‍්‍රධානයට බලතල දීම ප‍්‍රතික්ෂේප කළා. එසේ තිබියදී මාස හයක් ඇතුලත අඩුපාඩු හඳුනාගෙන සකස් කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා. වෛද්‍ය සභාව පමණක් නොව එම විශේෂ සාකච්ඡුාවට සහභාගී වූ බහුතරයක් සයිටම් එකට බලතල දීම ප‍්‍රතික්ෂේප කළා. ඒ විතරක් නොවෙයි 2011 අපේ‍්‍රල් මාසයේ මේ පිළිබඳව අධ්‍යයනයක් කරපු තවත් කණ්ඩායමක් අනුමැතිය ලබා දීම ප‍්‍රතික්ෂේප කළා. සයිටම් එකට උපාධි ප‍්‍රධානයට සුදුසුකම් නැහැ කියලා මුලින් කතා බහ මතු වුනත් දැන් ඔවුන් මතු කරන කාරණය තමයි එම ආයතනයෙන් උපාධි ලබාගත් වෛද්‍යවරුන් ලංකාවේ පිළිගන්නේ නැහැ කියන එක.
වෛද්‍ය සභාව විසින් අවස්ථා ගණනාවකදීම සයිටම් ආයතනයට උපාධි ලබා දීමට නීත්‍යනුකූල අයිතියක් නැති බව තහවුරු කොට තිබෙනවා. වෛද්‍ය සභාවේ නොනිස් මහතා ඇතුළු තවත් වෛද්‍යවරු තිදෙනෙකු විසින් මෙය ප‍්‍රතික්ෂේප කළා. ඒ වන විටත් සයිටම් ආයතනය සිසුන් කණ්ඩායම් 4ක් බඳවාගෙන තිබුනා. එයින් නොනැවතුනු සයිටම් ආයතනය රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන හයිය පාවිච්චි කරලා මෙය පවත්වාගෙන ගියා. ඒ වගේම රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේ හයිය නිසා දැන් මේ ප‍්‍රශ්නය බරපතල තැනකට ඇවිත් තිබෙනවා. තවදුරටත් සිසුන් බඳවා ගැනීම නතර කරන්න කියලා වෛද්‍ය සභාව ලබාදෙන නිගමන වාර්තාවලට ඇතුල් කරන්නේ නැහැ. දේශපාලන හයිය පාවිච්චි කරමින් මුදල්වලට යටවෙලා පසුගිය ඇමතිවරු වර්තමාන ඇමතිවරු සයිටම් එකට පක්ෂව කටයුතු කරනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් කියනවා විශාල අඩුපාඩු කම් තිබියදී සයිටම් එකට නීත්‍යනුකූල භාවය ලබා දුන්නොත් ඉදිරියේදී බිහිවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවා ඉතාම පහත් මට්ටමේ ඒවා විය හැකියි කියලා.
2014 අගෝස්තු එස්බී දිසානායකගේ බලපෑම මත එවකට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ලිපියකට අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරනවා සයිටම් ආයතනයට 2013 සැප්තැම්බර් 26 සිට උපාධි ප‍්‍රධානය කිරීමේ බලතල ලබාදෙනවා කියලා. උදේ නිකුත් කරපු ඒ ගැසට් නිවේදනය හවස් වෙද්දී 2011 අගෝස්තු 20 සිට උපාධිය ලබා දීමට බලතල තිබෙන බවට වෙනස් කරනවා. සයිටම් ආයතනයට සුදුසුකම් නොමැති බව වෛද්‍ය සභාව කරුණු ඉදිරිපත් කර තිබියදී රටේ නීති කඩලා ගැසට් නිවේදන නිකුත් කරනවා. මේ විදිහට තමයි සයිටම් ආයතනයට බලතල ලැබිලා තියෙන්නේ. දැන් මේක නීතිමය ප‍්‍රශ්නයක්. රටේ නීති කඩලා රාජපක්ෂ ආණ්ඩුව අවසර දුන්නු සයිටම් ආයතනය වර්තමාන හවුල් ආණ්ඩුව විසින් නීති නමලා පවත්වාගෙන යනවා. එස් බී දිසානායක විසින්ම මුලින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් සයිටම් එකට නීතිමය බලතල ලබා දී තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවට අපි අවධාරණය කරනවා පනත උල්ලංඝණය කරලා දේශපාලන බලය පාවිච්චි කරලා මේ ආයතනයට බලතල දෙන්න එපා කියලා. ඒක බරපතලයි. කිරිඇල්ල ඇමතිවරයා කියනවා මේක පසුගිය ආණ්ඩුව කරපු දෙයක් නිසා අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි කියන්නේ පහුගිය ආණ්ඩුව කරලා තිබෙන්නේ නීති විරෝධී වැඩක් කියලයි. උසස් අධ්‍යාපන ඇමතිවරයාට බලතල තිබෙනවා නීතිවිරෝධීව බලය ලබාදුන් ගැසට් එක අවලංගු කරන්න. දැනටත් ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැසට් කරනවා. අපිට සැකයක් තිබෙනවා ඒවායේ ප‍්‍රමිතිය ගැන. පනතේ කොන්දේසි අනුව ප‍්‍රමිතිය ගැන හොයලා අවසර දෙනවාද කියන එක ගැටලූවක්.
ඒ නිසා මෙම සයිටම් ආයතනය අහෝසි කළ යුතුමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග වෛද්‍යවරුන් සමග විද්වතුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරලා ආයතනයට එරෙහිව නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් සමග අරගලය තවදුරටත් දියත් කරනවා. සල්ලිකාරයින්ගේ මුදල් අරගෙන නීතිවිරෝධී බිස්නස්වලට අවසර දෙන එක නතර කළ යුතුයි.
දැන් ආණ්ඩුව හදන තර්කයක් තමයි රටේ වෛද්‍යවරු හිගයක් තිබෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි කියන එක. නමුත් අපි වගකීමෙන් කියනවා අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාලා වෛද්‍යවරු බිහි කරන්න තරම් හිගයක් නැහැ කියලා. මේ වනවිට සක‍්‍රීය වෛද්‍ය සේවයේ 25463ක් ඉන්නවා. 19,000ක් පමණ රාජ්‍ය සේවයේ නිරත වෙලා සිටින අතර 6000ක් පමණ පෞද්ගලික අංශයේ සේවය කරනවා. වෛද්‍යවරු හිගයකට වඩා දැන් ඇති වී තිබෙන්නේ වෛද්‍යවරුන්ට සේවා ස්ථාන ලබාදීමේ අක‍්‍රමිකතාවයයි. ඒ වගේම ඊළඟ වසර 5 ඇතුලත වෛද්‍යවරුන් 10,000ක් වෛද්‍ය සේවයට නිදහස්වීමට නියමිතයි. මේ වන විටත් සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1600ක් ඉන්නවා. ඔවුන්ට සේවා ස්ථාන ලබාදී නැහැ. තවත් වෛද්‍යවරුන් 1200ක් සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නිරත වෙලා ඉන්නවා. ඒ වගේම සීමාවාසික පුහුණුවට තවත් වෛද්‍ය සිසුන් 500ක් ඉල්ලූම් කොට තිබෙනවා. ඒ වගේම වෛද්‍ය පීඨ 8න් මේ වන විට වෛද්‍ය සිසුන් 7200ක් අධ්‍යාපනය ලබමින් ඉන්නවා. ඊට අමතරව වසරක් පාසාම විදේශ වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍යවරුන් 900ක පමණ පිරිසක් ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුලත් වීම සඳහා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයට පෙනී සිටිනවා. ඒ නිසා අපේ රටට වෛද්‍යවරුන්ගේ හිගයක් ඇති වෙන්නේ නැහැ.
ඒ වගේම රජයේ වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් උසස් පෙළ විභාගයේදී ජීවවිද්‍යා විෂයට ්3 ලබා ගත් දක්ෂ සිසුන්. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාම ඉහලයි. එසේ තිබියදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එස් 2 තිබෙන සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පුරවා ගැනීම සාධාරණීකරණය කරන්නේ කොහොමද? ඒ වගේම මෙම සයිටම් ආයතනයේ ලියාපදිංචි ආචාර්යවරුන් අතර 6දෙනෙක් වෛද්‍ය උපාධිය අසමත් අය සිටිනවා. වෛද්‍ය කටයුතු භාර අධ්‍යක්‍ෂවරයා විදෙස් උපාධියක් සහිත පුද්ගලයෙක් වන අතර ඔහු ලංකාවේ වෛද්‍ය සභාව පවත්වන විභාගය අසමත් වුනු පුද්ගලයෙක්. සායනික කටයුතු භාර නිලධාරියා ඕස්ටේ‍්‍රලියාවේ වෛද්‍ය සභාවෙන් ප‍්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක්. එවැනි ආචාර්ය මණ්ඩලයකින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ගෙන් මේ රටේ ජනතාව ප‍්‍රතිකාර ලබාගත යුතුද? අපි කියනවා එස් බී දිසානායකටයි කිරිඇල්ලටයි ඒ වෛද්‍යයරුන්ගෙන් ප‍්‍රතිකාග ගන්න කියලා.
පාර්ලිමේන්තුවේ පසුගියදා වාර්තාවක් ඉදිරිපත් කළා සයිටම් ආයතනය පිළිබඳව අධ්‍යයනයක් කිරීමට පත් කරපු අනු කමිටුවක් මගින්. සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ ස්වාමිපුරුෂයා ඒ අනුකමිටුවේ සාමාජිකයෙක්. ඔහු චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 6න් ඊපීඞීපී සංවිධානයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ හැර අනෙක් පක්ෂවල මන්ත‍්‍රීවරුන්ගේ ¥ පුතුන් බිරින්දෑවරුන් ඥාතීන් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබනවා. මේ අනුකමිටුව අපූරු එකක් සිසුන්ගේ ඥාතීන් මේ අනුකමිටුවේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සියලූ පාර්ශවයන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු වුවත් මේ අනුකමිටුවට වෛද්‍ය සභාව කැඳවන්නේ නැහැ. මේ තරම් අරගලයක් දියත් කළත් සිසු නායකයින් කැඳවන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කැඳවන්නේ නැහැ. ඒ නිසා මේ අනුකමිටුව පක්ෂග‍්‍රාහී එකක්. එනිසා මේ සයිටම් ආයතනයට එරෙහිව අපි නීතිමය ක‍්‍රියාමාර්ගවලටත් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලටත් එළඹෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රියද සහභාගි විය.

 

Leave A Reply

Your email address will not be published.