‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පිහිටුවීමේ උත්සවය අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බවත් මේ ආණ්ඩුව ඝන්ටාරය වත් නොගසා වෙන්දේසිය සිදුකරමින් ඇති බවත්ය.
මේ රටේ එක බිම් අඟලක් හෝ විකිණීමට ආණ්ඩුවට අයිතියක් නැති බවත් පැවසූ උන්වහන්සේ දැන් මේ සියලු දෙනා රට පාලනය කලා ඇති බවත් අලුත් පිරිසක් මේ රට භාර ගැනීමට සූදානම් විය යුතු බවත් උන් වහන්සේ තව දුරටත් පැවසූහ.