කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් පෙරේදා (03) මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 86, 94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය.ඉකුත් 22 වන දින මොවුන් තිදෙනා අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර තිබූ පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මියගොස් ඇත.