topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගොවියන් කාබනික ගොවිතැන ප්‍රතික්‍ෂේප කිරීමේ අවදානමක්.

රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය නතර කිරීමේ ගැසට් නිවේදනය මැයි මාසේ 06වැනිදා ප්‍රකාශයට පත්කළා. ඒ තුළින් සමාජය තුළ ආන්දෝළනයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ඒ තීන්දු-තීරණ විසින් රටට සිදුකෙරෙන බලපෑම පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිවිය යුතුයි. අපේ රටේ ශ්‍රම බලකායෙන් 27%කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙන අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%ක් පමණ වෙනවා. කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 25%ක් පමණ කෘෂි නිෂ්පාදන පදනම් කරගත් කර්මාන්ත වශයෙන් රටේ ආර්ථිකයේ ප්‍රබල කොටසක් කෘෂිකර්මාන්තය නියෝජනය කරනවා. නමුත් ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයට වගේම ගොවි ජනතාවටත් බරපතළ ගැටළු ඇතිවී තිබෙනවා. මේ තීන්දුව ගැනීමේදී මතුවිය හැකි ගැටළු පිළිබඳව, ගැටළුවලට විසඳුම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව පැහැදිළියි. මේ නිසා ගොවි ජනතාවත් කෘෂි කර්මාන්තයත් බරපතළ අනතුරක තිබෙනවා.
වී වගාව, එළවලු වගාව සහ පොල්, රබර් වැනි දීර්ඝ කාලීන වගාවන් ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට කෘෂි රසායන යෙදවුම් අවශ්‍ය වෙනවා. එයින් මූලිකම අවධානමක් කෙටි කාලීන එළවලු වගාවට ඇතිවී තිබෙනවා. වී, බෝංචි අර්තාපල් සහ ගෝවා මාස දෙක තුනක් වගේ කෙටි කාලීන බෝග. ඒ නිසා නිසි කලට, නිසි පරිදි යෙදවුම් ලබාදිය යුතුව තිබෙනවා. අද නිසි කලට සුදුසු යෙදවුම් ලබාදීමට නොහැකි වී ගොවි ජනතාව බරපතළ ගැටළු ඇතිවී තිබෙනවා. කෙසෙල් වගාවත් මේ වගේම තර්ජනයකට ලක්වෙලා. ආණ්ඩුව රසායනික පොහොර නතර කරනවා නම් ඒ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කළ යුතුයි. නමුත් එසේ නොකිරීමෙන් වගාවන් විශාල විනාශයකට පත්වෙලා. ගොවි ජනතාව පොහොර ගබඩා වට කරනවා. විශාල දුක් අඳෝනාවන් ප්‍රකාශ වෙනවා. ගොවි ජනතාවට සුදුසු පොහොර ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. ඒ වගේම වල් නාශක සහ කෘමි නාශක ප්‍රශ්නයත් ඉතාම බරපතළයි. 20% සිට 40% දක්වා ගොවියට වට්ටම් ලැබුණු කෘෂි රසායන අද ඉහළම මිලකට මිලදී ගන්න සිදුවෙලා. ආණ්ඩුව මේ තීන්දු ගැනීමේදී සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු නොකර ක්‍රියාත්මක කළ බවයි පේන්න තියෙන්නේ.
ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ජනාධිපතිවරණයේ දී ගොවි ජනතාවට පොරොන්දු වුනේ පොහොර සහනාධාරය යටතේ රු.500ට ලබාදුන් පොහොර මිටිය නොමිලේ ලබාදෙන බවයි. ඔහු ප්‍රකාශ කළේ සියලු පොහොර වර්ග නොමිලේ ලබාදෙන බවක්. වත්මන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසද සියලු පොහොර නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ මොහොතෙත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ප්‍රකාශ කළේ පොහොර සහනාධාරය ලබාදෙමින් ක්‍රමානුකූලව කාබනික යෙදවුම් ප්‍රමුඛතාවයට ගෙන දිරි ගන්වන බවයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවට පිටුපා පහුගිය අපේ්්‍රල් මාසයේදී රසායනික පොහොර තහනම් කිරීමෙන් වර්තමානයේ විශාල ගැටළුවක් ඇතිවී තිබෙනවා.
පක්‍ෂයක් හැටියට අපේ වැඩපිළිවෙළේ මූලික අරමුණු 3ක් තිබෙනවා. ආහාර සුරක්‍ෂිතභාවය එයින් මූලිකයි. එය ජාතික ආරක්‍ෂාවෙත් ප්‍රධානතම කොටසක්. ඊළඟට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ජීවන තත්වය සහ සමාජ තත්වය උසස් කිරීමයි. තුන්වැනිව ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම.
අපේ රටේ මහ පොළොව නිසරුභාවයට පත්ව තිබෙනවා. වස විෂවලන් පිරිලා තිබෙනවා. මේ පස යළි නිරෝගී පසක් බවට පත්කළ යුතුයි. අපේ රටේ පුරවැසියන්ට ලබාදෙන ආහාර වේල වස විෂවලින් තොර විය යුතුයි. ඒ වෙනුවෙන් දැක්මක් සහ සැලැස්මක් තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහ පස නිරෝගීභාවයට පත්කිරීම කියන සටන් පාඨයට මුවාවී මේ තීන්දුව අරන් තිබෙනවා. එයින් මතුවෙන ගැටළු පිළිබඳව දැන් තමයි අවධානය යොමුකර තිබෙන්නේ. ආරම්භයේදී ජනාධිපතිවරයා කිව්වේ, කාබනික වගාවෙන් අඩුවන අස්වැන්නට මුදල් ලබාදෙන බවයි. එහෙම නම් ඒ තීරණයේ තවමත් ඔබ ඉන්නවාද කියලා දැන ගන්න කැමතියි. අඩුවන අස්වැන්න ගැන ඇස්තමේන්තුවක් තිබෙනවාද? ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට ඇස්තමේන්තුවක් හඳුනාගෙන තිබෙනවාද? මේ කිසිවක් නැතිව තීන්දුව ක්‍රියාත්මක කිරීමෙන් මතුවූ ගැටළුවලට අනුව ගොවි ජනතාවට සල්ලි ලබාදෙන බව ප්‍රකාශ කිරීම පැහැදිළියි. ඒ වගේම අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් නොවේ නම් පිටරටින් ආනයනය කරන බව මෑතදී කීවා. ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ඔහුගේ ප්‍රකාශය ගැසට් නිවේදනයන් බව කියා තිබෙනවා. ඒ නිසා ඔහු කරන ප්‍රකාශ අවසාන තීන්දුවක් වශයෙන් ඔහු හිතනවා විය යුතුයි.
මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතමයන් ලවා ලෝකයේ තිබෙන කුණු ගොඩවල් කාබනික පොහොර හැටියට ගෙන්වීමේ උවමානවෙන් ක්‍රියා කළාද කියන සැකය තිබෙනවා. කාබනික පොහොර ආනයනය කරනවා කියන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් එම සැකය තහවුරුවී තිබෙනවා. ඒ සඳහා තමන්ගේ සමීපතමයන් සමාගම් පිහිටුවීමට, බලපත්‍ර ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා. 1981 පනවපු ශාක ආරක්‍ෂණ පනත යටතේ කිසිම කාබනික පොහොරක් මේ රටට ගෙන එන්න බැහැ. දිරා යන සත්ව සහ ශාක කොටස් එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. මේ මහ පොළොවත් ජීව පද්ධතියත් ශාක පද්ධතියත් මේ තුළින් විශාල අනතුරකට මුහුණ දිය හැකියි. අපේ රටට කාබනික ද්‍රව්‍ය ආනයනය සඳහාත් එහි ගුණාත්මකභාවයන් සඳහාත් නීති-රීති පනවා නැහැ. පොහොර ගෙන එන්නේ නම් අවුරුදු 3ක තරම්වත් දීර්ඝ පර්යේෂණ සිදුකළ යුතු බව ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සඳහන් කර තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ මහ කන්නයට කාබනික පොහොර ගේන බව ප්‍රකාශ කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර වගාවට යෙදවීම පිළිබඳව අවශ්‍ය මූලික නිර්නායකයන් තාම සකස් කර නැහැ. මෙවැනි තත්වයක් යටතේ කාබනික පොහොර ආනයනයෙන් විෂ, අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග, බැර ලෝහ වර්ග අපේ රටට පැමිණීමේ විශාල අනතුරක් තියෙනවා.
මේ නිසා අපි ජනාධිපතිවරයාට බලකරලා කියන්නේ දිගු කාලීන පරීක්‍ෂණ සැලැස්මක් සහ දිගු කාලීන තත්ව පරීක්‍ෂාවේ සැලැස්මක් අනුව පමණක් කාබනික පොහොර ආනයනය කළ යුතු බවයි. එසේ නැතිව කඩිමුඩියේ ගෙන ඒමට කරන මේ ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව අවධාරණය කරනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය බීජ, ඉඩම්, ජලය යෙදවුම් තාක්‍ෂණය, ගබඩාකරණය හා අතුරු නිෂ්පාදනය වගේම ප්‍රවාහනය සහ සිල්ලර වෙළඳාම කියන ක්‍ෂේත්‍ර ගණනාවක ගැටළු තිබෙනවා. ඒ සියල්ල තිබියදී ජනාධිපතිවරයා පොහොර සම්බන්ධයෙන් පමණක් ගනු ලැබූ තීන්දුවේ බලපෑම් ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. එකක් ලෝකයේ තිබෙන බීජ මාෆියාව සම්බන්ධයෙන්. අපේ රට බීජ මාෆියාවේ ගොදුරු බවට පත්වී අවසන්. අපේ රටේ තිබුණු විවිධ බීජ ප්‍රභේද සියල්ල අපිට අහිමි වී අවසන්. ස්වදේශීය බීජ නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට තිබෙනවා. ඒ නිසා බහුජාතික සමාගම්වල බීජ මාෆියාවට යටත් වුණු වෙළඳපොළෙක් තිබෙන්නේ. අපේ රටේ තිබුණු බීජ සම්පත සම්පූර්ණයෙන්ම අහිමි වෙලා. අද ගෙන්වන බීජ සඳහා රසායනික පොහොර අවශ්‍යයි. අනෙකුත් රසායනික යෙදවුම්ද අවශ්‍යයි. මේ නිසා රසායනික පොහොර සහ යෙදවුම්වලින් ඉවත්වීමේ තීන්දුවක් ගන්නවා නම් කාබනික පොහොර සහ යෙදවුම්වලට ඔරොත්තු දෙන බීජ සම්බන්ධ සැලැස්මක් අවශ්‍යයි. මේ කාබනික යෙදවුම් සහ පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඊට අදාළ තාක්‍ෂණය එක්රැස් කරගන්නේ කොහොමද? ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළ කුමක්ද යන කිසිවක් කෙරෙහි ජනාධිතිවරයා අවධානය යොමුකර නැහැ.
අපේ රටට 60-70 දශකවල ඉතාමත්ම හොඳ කෘෂි ව්‍යාප්ත සේවයක් තිබුණා. කෘෂි උපදේශක යාන්ත්‍රණයක් තිබුණා. දැන් එය මුළුමනින්ම කඩා වැටිලා. රූපවාහිනී දැන්වීම් සහ කඩේ මුදලාලි අදාල කෘෂි රසායන ගැන ගොවි ජනතාවට කරුණු කියන්න පටන් ගත්තා. කෘෂි ව්‍යාප්ත සේවය බිඳ වැටීමෙන් ඒ උපදේශකයෝ බවට පත්වුනේ ව්‍යාපාරික සමාගම්. ඒ තුළින් මේ මහ පොළොව වස-විෂවලින් පිරී ගොවි ජනතාවට ජීවත් වීමේ ආදායම් මාර්ග අහිමි වීමත් පාරිභෝගික ජනතාවට වස විෂවලින් පිරි ආහාර ලැබීමත් සිදුවුණා. මෙයට විසඳුම් වශයෙනුයි ජනාධිපතිවරයා කාබනික පොහොර සම්බන්ධයෙන් ක්‍ෂණික තීරණ ක්‍රියාත්ම කරන්නේ. මේ නිසා අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කර ගන්න පුළුවන්ද කියල ගැටළුවත්, ගොවි ජනතාව කෘෂි කර්මාන්තය අත්හැරීමට විශාල වශයෙන් පෙළඹවීමත් කියන මූලික ගැටළු දෙක මතුවී තිබෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් පළවා හැර ඒ ඉඩම් බහුජාතික සමාගම්වලට පවරා දීමේ සැලැස්මේ කොටසක් ලෙස ජනාධිපතිවරයා මේ ක්‍රියාමාර්ගය ගත්තාද කියන ප්‍රශ්නය මතුවෙනවා. අනෙක් පැත්තෙන් මේ දක්වා ස්වේච්ඡාවෙන් මැදිහත් වී කාබනික ගොවිතැන ප්‍රචලිත කළ විශාල පිරිසක් ඉන්නවා. එයට අපේ පක්‍ෂයත් ප්‍රබල දායක්තවයක් ලබා දෙමින් තිබෙනවා. ක්‍රමානුකූලව කාබනික ගොවිතැන පිළිබඳව සමාජයේ අවධානයත් යොමු වී තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ මේ තීරණයේ කාබනික ගොවිතැන මුළුමනින්ම ප්‍රතික්‍ෂේප වීමේ අනතුර අද තිබෙනවා.
මතුවිය හැකි ගැටළු පිළිබඳව විසඳුම් නැතිව එක එක වර්ගයේ කතා කීමෙන් පමණක් විසඳුම් සෙවීම නිසා කාබනික වගාව පිළිබඳව තිබූ සියලු අපේක්‍ෂා මේ ව්‍යාපෘතිය තුළින් අසාර්ථක වීමේ අනතුර තිබෙනවා. ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුලු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැගීමේ අනතුර තිබෙනවා. කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රතික්‍ෂ්ප වීමේ අනතුරක් තිබෙනවා. එළවලු වගාව, තේ වගාව, කෙසෙල් වගාව තුළින් එදිනෙදා ආදායම් ලැබූ සියල්ලන්ගේ ජීවන මාර්ග බිඳවැටී තිබෙනවා. නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විසඳුම් ලබාදිය යුතුයි. ඒ නිසා සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු පොහොර, සුදුසු වල් නාශක සහ සුදුසු කෘමි නාශක නිසි කලට ගොවි ජනතාවට ලබාදිය යුතුයි. මේ කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එළවලු කොටුව ගැන නෙවෙයි. ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්කරගත්, රටේ ආහාර සුරක්‍ෂිතභාවය නියෝජනය කරන සහ අපනයන සම්බන්ධයෙන් බලපාන ක්‍ෂේත්‍ර පිළිබඳව මතුවන ගැටළුවලට විවිධ පිළිතුරු සැපයීමට යාමෙන් තව තවත් අර්බුද ඇතිවී තිබෙනවා. මේ තත්වයන් කෙරෙහි වහාම පිළිතුරු ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක.

Leave A Reply

Your email address will not be published.