topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛරය වෙනුවට ආදරය සහ සහෝදරත්වය වෙනුවෙන් එක්ව වැඩකරමු.

ජූලි මාසේ 23වැනදාට කළු ජූලියට වසර 38ක් පිරෙනවා. ජාතිකවත්, ජාත්‍යන්තරවත් ඉතාම අඳුරු පැල්ලමක් නිර්මාණය කළ සිදුවීම් ඉවත් කර ගන්න තවමත් බැරිවෙලා. ජාතිවාදය ඉවත්කරගෙන රටක් ලෙස ඉදිරියට එන්න බැරිවෙලා. මේ නිසා මෙතැනින් එහාට අඳුරු දිනය සහෝදරත්වයේ දිනයක් දක්වා ගෙනයන ඉදිරි ක්‍රියාාමර්ග පිළිබඳව සමාජවාදී තරුණ සංගමය විදිහට පැහැදිලි කරන්නම්. 83 කළු ජූලිය මතක් කරලා කඳුළු සැලීමෙන් සමරන්න අපට අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සුන් විදිහට, රටක් විදිහට තරුණ තරුණියන් විදිහට මේ ප්‍රශ්නයෙන් එළියට එන්නේ කොහොමද කියන සාකච්ඡාව ගෙනයාමට අදාළ ක්‍රියාමර්ග අපි සූදානම් කර තිබෙනවා.
මේ කළු ජූලිය හුදකලා දෙමළ, මුස්ලිම් හෝ සිංහල මිනිහෙක්ගේ සිතිවිලිවලින් මතුවුණු තත්වයක් නෙවෙයි. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන්න. ඒ වෙනුවෙන් 5/6ක බලයක් ලබාගෙන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති බවට පත්වුණා. ඒකේ යම් සමානකමක් ගෝඨාභය මහත්තයාට තියෙනවා. හරියටම ගත්තොත් ගෝඨාභය මහත්තයාට වෙනවා වගේම ජේ.ආර්. මහත්තයාත් ඔහුගේ පාලනයේ අවුරුදු දෙක-තුනක් යද්දී ඔහුගේ ධර්මිෂ්ඨ රාජ්‍යයේ තරම පැහැදිලි වෙන්න පටන් ගත්තා. ජාතිවාදය, ආගම්වාදය, ඉස්මතු කරමින් වංච-දූෂණ යට ගැහුවා. 1981 සංවර්ධන සභා ඡන්දය යාපනයේදී ක්‍රෑර ලෙස කොල්ලකෑමට කටයුතු කළා. යාපනයේ ජනතාවට දැවැන්ත භීෂණයක් ඇතිකරලා දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න කටයුතු කළා. එහිදී යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. කවියෝ එය දැක්කේ බුදුන් ඝාතනය කිරීම කියලා. දකුණු ආසියාවට තිබුණු දැවැන්ත දැනුම් පද්ධතියක් සහිත පුස්තකාලයක් ගිනි තබනු ලැබුවා. සංවර්ධන සභා ඡන්දයේදී ඡන්ද මංකොල්ලයක් කළා. දෙමළ ජනතාවට “අපේ බලය වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරනවා” කියන පණිවුඩය ජේ.ආර්. විසින් ලබා දුන්නා. ඒ වෙලාවේ සිරිල් මැතිව්, ගාමිණී ලොකුගේ, ගාමිණී ජයවික්‍රම වගේ ඇමතිවරුන් මැදිහත් වෙලා කෝච්චිවලින් සෙනග ගෙනියලා යාපනයේ ඡන්දය මංකොල්ල කෑවා.
ඉන් පස්සේ 83 ජූලි මාසේ 15වැනිදා හමුදාව අතින් චාල්ස් ඇන්තනී සහ සීලන් රාමනාදන් කියන තරුණයින් දෙන්නා මිය යනවා. මේ තරුණයන්ගේ ඝාතනයට පළිගැනීමක් හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානය ජූලි මාසේ 23වැනිදා හමුදාවේ වාහන දෙකකට බිම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හමුදා සෙබළුන් 13 දෙනෙක් මරා දමනවා. ආණ්ඩුව කරන්න තිබුණේ ඒ ප්‍රශ්නය වර්ධනය වීමට ඉඩ නොදී කළමනාකරණය කරන එකයි. හැබැයි ජේ.ආර්. කළේ ඔවුන්ගේ සැලසුම්වලට අනුව දේහයන් 13 බොරැල්ල කනත්තේ මිහිදන් කරන්න සූදානම් කිරීමයි. ඒ නිසා ඒ මොහොතේ ජාතිවාදී කෝළාහල මතුවෙන්න උඩගෙඩි දුන්න. 24වැනිදා මැතිවරණ කාර්යාලයෙන් ඡන්ද නාමලේඛන අරගෙන දෙමළ මිනිස්සුන් හොය හොයා ඝාතනය කරන්න පටන් ගත්තා. දේපළ ගිනි තිබ්බා. ආණ්ඩුවේ අනුදැනුම සහිතව සිදුකළ මේ කාර්යය හමුදාව සහ පොලීසිය නිහඬව බලාගෙන හිටියා. 25වැනිදා වෙද්දී නුවරඑළිය, මාතලේ, මහනුවර, බදුල්ල ප්‍රදේශවලටත් පැතිරෙන්න පටන් ගත්තා. ඒ අතර 25වැනිදා වැලකඩ බන්ධනාගාරයට පැන දෙමළ රැඳවියන්ට පොළුවලින් ගහලා 37 දෙනෙක් ඝාතනය කළා. ඊට පස්සේ 28වැනිදා නැවත පැනලා තවත් 15 දෙනෙක් ඝාතනය කරනවා. මේ ඛේදවාචකය නිර්මාණය කළ ඉතිහාසය අමතක කරලා කතා කරන්න බැහැ. සිංහල නායකයෝ, දෙමළ නායකයෝ ඒ මොහොතට අදාළව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජාතිවාදය මෙහෙයවූවා.
දින කිහිපයකදී මුළු රටම ඇවිළී අවුරුදු 30ක දැවැන්ත යුද්ධයකට සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාට මුහුණ දෙන්න සිදුවුණා. 2009දී යුද්ධය නිමා කළාට පස්සේ අද වෙන තුරු අපි රටක් විදිහට ලබාගෙන තිබෙන්නේ මොනවාද? සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් විශාල පිරිසක් අපි අහිමි කරගත්තා. දේපළ විශාල ප්‍රමාණයක් අහිමි කරගත්තා. සිංහල, දෙමළ මුස්ලිම් පවුල්වල මාපියන් නැති දරුවන් ඉතිරි  වෙලා ඉන්නවා. ස්වාමිපුරුෂයන් නැති බිරින්දෑවරුන් ඉතිරිවී ඉන්නවා. පාලකයන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගත්තා. මෑත කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සිංහල, දෙමළ මුස්ලිම් නායකයන් කිසිවෙකුගේ දරුවෙකු යුද්ධයෙන් අහිමි වී නැහැ. යුද්ධය ඉවර වී අද වෙනවිටත් ලාංකේය මිනිසුන් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් බිහිකර නැහැ. සාමාන්‍ය ජනතාව හිතනවා පාලකයෝ ජාතිවාදී කියලා. පාලකයෝ ආගම්වාදී කියලා. නැහැ එහෙම නැහැ. ජේ.ආර්.ගේ ඉඳන් ගෝඨාභය දක්වා ඔවුන් ජාතිවාදීත් නැහැ. ආගම්වාදීත් නැහැ, ජාතික සමගියට පක්‍ෂපාතීත් නැහැ. ඔවුන්ට තිබුණේ බලකාමීත්වය විතරයි. බලය වෙනුවෙන් ඒ ඒ අවස්ථාවේදී ජාතිවාදය, ආගම්වාදය විතරක් නෙවෙයි ජාතික සමගියේ රෙද්දත් පෙරවා ගන්නවා. හැබැයි අපේ රටේ සාමාන්‍ය ජනතාව ඉතාම සීමිත පිරිසක් පාලකයන් ජාතිවාදී නැත්නම් ආගම්වාදී කියලා හිතාගෙන ඔවුන් අනුව කටයුතු කරනවා. වර්තමානයේ මේක ඒ විදිහටම තියෙනවා.
මීට පෙර මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලයේ යුද්ධය අවසන් කිරීමේ වාසිය පාවිච්චි කරගෙන බොදුබල සේනාව හැදුවා. සහරාන්ලා හැදුවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඕනෑ තරම් තියෙනවා. තැනි තැන ජාතිවාදී නැත්නම් ආගම්වාදී ගැටුම් ඇති කරලා මේ නායකයන්ම මැදිහත් වෙලා විසඳන බව පෙන්වනවා. මෛත්‍රීපාල මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේම දැන් ඉන්න විපක්‍ෂ නායක සජිත් මහත්තයාත් රට පාලනය කළ කාලයේ මොකද කළේ? ඒ ගොල්ලෝ තමයි ජාතිවාදයත් එක්ක බූරු ගැහුවේ. අම්පාර, මහනුවර, දැවැන්ත සිදුවීම් ප්‍රමාණයක් සිදුවෙන්නේ මේ නිසා. මේ ගැටුම් වෙලාවලදී ජනාධිපතිව සිටි මෛත්‍රීපාලත් අද විපක්‍ෂ නායක සජිතුත්  මොනවාද ඊට විරුද්ධව කළේ? ඔවුන් හැමෝම ජාතිවාදය හා ආගම්වාදය එක්ක සෙල්ලම් කළා. දෙමළ සහ මුස්ලිම් නායකයෝත් ඒ වගේමයි. ගෝඨාභය මහත්තයා එන්නේ තනි සිංහල ආණ්ඩුවක් හදනවා කියලා. ඒක යථාර්ථයක් නෙවෙයි. නමුත් පාලකයන් ජනතාවට කිව්වේ එහෙමයි. අද ගෝඨාභය මහත්තයාලත් වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, වඳ පෙති, ගැන සොයා බැලුවාද? සාෆි වෛද්‍යවරයා සම්බන්ධ කර ප්‍රචාරය කළ පැලෝපීය නාල සිද්ධිය ගැන පරීක්‍ෂණ පැවැත්වූවාද? මේ සම්බන්ධයෙන් සංවාද කළ නායකයෝ අද ඇමතිවරු වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් පැමිණිලි දැමූ අම්මලාට අද දරුවෝ හම්බවෙලා ඉන්නවා.  පැලෝපීය නාල ගැන සමාජයට මත හැදූ දොස්තරවරු අද ඉහළම තැන්වල ඉන්නවා. හැබැයි සාමාන්‍ය ජනතාවට ඒ මගින් සිදුවුණේ විනාශයක් විතරයි.
මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් රටක් හැටියට මෙතැනින් ඉස්සරහට යන්න බැහැ. මේ ආසන්න කාලයේ මුස්ලිම් මෘත ශරීර ආදාහනය පිළිබඳව ප්‍රශ්නයක් ආවා. ඒක බේරුවේ ගෝඨාභය මහත්තයාද? නැහැ, ඒක බේරුවේ ජිනීවාවලින්. මිනිස්සු හිතනවා, ඔවුන් ඡන්දය දීපු අය හිතනවා පාලකයෝ ප්‍රශ්නය විසඳුවා කියලා. කාලයක් තිස්සේ අපි දේශපාලන සිරකරුවන් පිළිබඳව ප්‍රශ්නය මතුකරනවා. ඒ කාලෙත් කිසිම ඇහුම්කන් දීමක් නොකළ අය එදා අපිට කීවේ එන්.ජී.ඕ. කාරයෝ කියලා. හැබැයි නාමල් මහත්තයා මෑතකදී පාර්ලිමේන්තුවේදී කියනවා, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕනෑ කියලා. ඒ අයට ඒක මතක් වෙන්නේ ජී.එස්.පී. ප්ලස් නිසා. මේ අයත් එක්කම මිනී මැරුමට වරදකරුවෙකු වූ දුමින්ද සිල්වාත් නිදහස් කර අද සභාපතිවරයෙක් බවට පත්කර තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙද්දී රිෂාඩ් බද්යුදීන්ව පතුරු ගැහුවා. 20වැනි සංශෝධනය සම්මත කරගන්න ඔහුගේ සහයෝගය ගත්තා. නමුත් රිෂාඩ්ගේ ගෙදර හිටි ඉෂාරිනී දැරිය පිළිස්සිලා මියගියා කියලා කියනවා. ඒ පිළිබඳ පරීක්‍ෂණයක් නැහැ. ජූලි 03වැනිදා උදේ 6.00ට මේ දැරිය ගිනි තියාගත්ත බව කියනවා. එතැන ඉඳලා දවස් 12ක් ඇය වේදනාවෙන් ඉඳලා මිය යනවා. ඒ සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්ක කර නැහැ. බොරැල්ලේ පොලීසිය මේ සිදුවීම දැනගෙන දවස් 12ක් යනතුරු මොකද කළේ? මේ රටේ පාලකයෝ අද වැරදිකරුවන්ව ආරක්‍ෂා කරනවා. ඉෂාරිනී දැරිය මගින් ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ එක සංවාදයක් විතරයි. කොළඹ සිංහල, දෙමළ, මුස්ලිම් ඉහළම ධනවතුන්ගේ ගෙවල්වල ළමුන් කී දෙනෙක් මෙහෙකාර සේවයේ යොදවාගෙන ඉන්නවාද?
පක්‍ෂයක් විදිහටත් සමාජවාදී තරුණ සංගමය විදිහටත් ඉතාම අසීරු තත්වයන්හිදී පවා ජාතිවාදයට විරුද්ධව අපි ක්‍රියාකර තිබෙනවා. ආගම්වාදයට විරුද්ධව ක්‍රියාකර තිබෙනවා. පවතින ධනවාදය යටතේ කවදාවත් ජාතික සමගිය ගොඩනගන්නේ නැහැ. ඔවුන්ට ඕනෑ බෙදා වෙන්කර ගැනීම් සහ ගහ මරාගැනීම්. මේ සිස්ටම් එකේ උපත තියෙන්නේ එවැනි විනාශයන් එක්ක. ධනවත්, බලවත් පිරිස් පාලනය කරන මේ ක්‍රමයට විනාශයන් ඕනෑ. ඒ නිසා සමාජවාදය මේ රටට ගෙන එන තුරු අපිට හැමදාම මෙවැනි සිදුවීම් ගැන කතා කරන්න සිදුවෙනවා. නමුත්  මෙවැනි ඛේදවාචකයන් වෙනස් කරන්න පෙරට එන්න කියලා මේ රටේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අවුරුදු 73ක් පුරා මේ සිදුවෙන දේවල් පිළිබඳ ඉතා හොඳින් පාඩම් කියාදී තිබෙනවා. ඒ නිසා ජාතිවාදය වෙනුවෙට ජාතික සමගියත්, ආගම්වාදය වෙනුවට සියලු ආගම්වලට සමානාත්මතාවයෙන් සලකන්නත් වෛරය වෙනුවට ආදරය ගෙන එන්නත් සමාජවාදයෙන් තොරව බැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ තරුණ තරුණියන් ජාතික සමගිය, සහ ආදරය පෙරට ගෙන  එන්න කියලා ඉල්ලා සිටිනවා. අපි 2008 ඉඳලා ජූලි 23වැනිදා සහෝදරත්වයේ දිනය හැටියට නම් කරලා විවිධ ක්‍රියාකාරකම් සිදුකරනවා. රට තුළ ජාතික සමගිය පිළිබඳව මනෝභාවය ගොඩනගන්න බොහෝ ක්‍රියාකාරකම් සිදුකළා.
මෙවර කොවිඩ් තත්වය ඇතුළෙත් ජූලි 20වැනිදා සිට 30වැනිදා දක්වා සහෝදරත්වයේ දින 10ක් නම් කරගෙන තියෙනවා. ගීතය, සිනමාව, කවිය සහ දේශපාලනය කියන මාතෘකා හතරෙන් ඒ පිළිබඳව ප්‍රමාණික විද්වතුන් එකතු කරගෙන තරුණ තරුණියන් දැනුවත් කිරීමේ සංවාදයක් පවත්වාගෙන යනවා. ඊට අමතරව රටේ දිස්ත්‍රික්කවල කොවිඩ් තත්වයට යටත්ව විවිධ ක්‍රියාකාරකම් ජාතික සමගිය වෙනුවෙන් සිදුකරමින් යනවා. ඒ නිසා සියලුම තරුණ තරුණියන් සහ ප්‍රගතිශීලී මිනිස්සුන්ට වෛරය වෙනුවට ආදරය සහ සහෝදරත්වය වෙනුවෙන් අපි එක්ව වැඩකරමු කියන ආරාධනාව ඕනෑකමින් සිදුකරනවා.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර.

Leave A Reply

Your email address will not be published.