ලිංගික අතවර චෝදනාවකට ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී සිදුකරන විමර්ශනයට අදාළව වියදම් ඔහු පෞද්ගලික දරාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව දැනුම් දීමෙන් පසු ඔහුට ඒ බව දන්වා යවා ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ පසු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මේ රටදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර ඇත.