topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවිතත් විහිළුවක් වෙලා…සමන්මලී ගුණසිංහ.

අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට සිදුවී ඇති ඛේදවාචකය තුළින් දිනෙන් දින අසන්න ලැබෙන ප්‍රවෘත්ති සිද්දීන්වලට පමණක් ලඝු කළ නොහැකියි. සිද්ධීන් පිටුපස තිබෙන ඛේදවාචකය හා එයට හේතු වී තිබෙන කරුණු පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අපි ජීවත්වෙන සමාජ, ආර්ථික දේශපාලන වටපිටාව අපේ රටේ බහුතරයක් තුන්වේල හරිහැටි කන්න නැතිව, තමන්ගේ කන-කර උගසට තියලා ආහාරවලට හා අධ්‍යාපනයට මුදල් වෙන්කිරීමට සිදුවෙලා තිබෙන මොහොතක ලක්ෂ 70කටත් වැඩිය සංඛ්‍යාවක් අලුතින් දුප්පතුන් බවට පත්වී ඇති මොහොතක තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව කතා කරන්නේ.

අපේ රටේ බෙහෙත් නැතිකම විතරක් නොවෙයි, බෙහෙත් ගෙන්වා ගැනීමට නොහැකි තත්වයක් ද නොවෙයි ඊට වඩා එහා ගිය ලොකු අර්බුදයක් දක්වා සෞඛ්‍ය පද්ධතියම කඩා වට්ටලා තිබෙනවා. 2022දී අයවැයෙන් මුදල් වෙන්කරද්දී අපි කිව්වා රටේ ආරක්ෂක වියදම් වැඩිකරනවා වෙනුවට අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කරන්න කියලා. නමුත් පාලකයෝ ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වුවේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සංවිධාන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින විද්වතුන්, විශේෂඥ වෛද්‍යවරු, පෙන්වා දුන්නා ජනතාවගේ දරිද්‍රතාවය වැඩිවෙනවා, පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටුණොත් මිනිස්සු අන්ත අසරණ වෙනවි කියලා. ආණ්ඩුව ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වෙන්කර ගත්තා. ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩිකර ගත්තා. අත්‍යවශ්‍ය බෙහෙත් ටික, ස්කෑන් යන්ත්‍ර, සී.ටී. යන්ත්‍ර, එම්.ආර්. යන්ත්‍ර විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය වෙලා. ඒවා අලුත්වැඩියා කරන්න, අලුත් ඒවා මිලදී ගන්න, ඒවාට අවශ්‍ය පහසුකම් දෙන්න මැදිහත්වීමක් සිදුනොකිරීම නිසා සෞඛ්‍ය පද්ධතියම කඩා වට්ටලා.

මේ තත්වය අද ඊයේ ඇති වූවක් නොවෙයි. මේ රටේ ජීවත් වීමට නොහැකිව, තම රැකියාව ගරුත්වයෙන් කිරීමට නොහැකි නිසා වෛද්‍යවරු, හෙදියන් රට අතහැර යනවා. රෝහල් පදධතියේ විශාල අඩුපාඩුකම් රැසක් තිබියදීත් වෛද්‍යවරු ජනතා සේවයක් ලෙසට තම මැදිහත්වීම් කරනවා. අපහසුතා මැද්දේ සේවය සලසද්දීත් කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය නිර්වින්දන බෙහෙත් අද වෙද්දී නැහැ. දරු ප්‍රසූතිය සඳහා හා හදිසි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය නිර්වින්දන බෙහෙත් ප්‍රමිතියක් නොමැති නිසා කාණ්ඩ දෙකක්, තුනක්, හතරක් අයින් කළ බව ප්‍රකාශ කරනවා. එක පැත්තකින් බෙහෙත් නැහැ. අනෙක් අතට ගෙනත් තිබෙන්නේ බාල බෙහෙත්. දරු ප්‍රසූතියේදී අවශ්‍ය නිර්වින්දන බෙහෙත් ටික ගෙන්වීමට නොහැකි මේ ආණ්ඩුව ජනතාවට වගකියන ආණ්ඩුවක් ලෙස අපට සිතිය හැකිද?

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, කෙහෙලිය රඹුක්වැල්ල විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා ජනතා මුදල් ලක්ෂ ගණනින් වියදම් කළා. ඇමතිවරු ඔවුන්ගේ සෞඛ්‍ය සඳහා හා රක්ෂණය සඳහා මුදල් වෙන්කර ගන්නවා, නමුත් ජනතාවගේ සෞඛ්‍ය සඳහා, ගැඹිණි මව්වරුන්ගේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය බෙහෙත් ටික සඳහා වත් මුදල් වෙන්කර ගැනීමට හැකියාවක් නැතිව බංකොලොත් වෙලා. මේ ජනතාව කෙරෙහි සංවේදීකමක් නැති ආණ්ඩුවක් සහ පාලකයන්.

දිනපතාම රිජ්වේ ළමා රෝහලට විවිධ අනතුරුවලට ලක්වෙලා, විවිධ අසාධ්‍ය තත්වයෙන් දරුවන් එනවා. ඒ ළමා රෝහලට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ටික, වේදනා නාශක බෙහෙත් ටික අද රෝහල් තුළ නැහැ. මේ ලංකාවේ අංක 01 ළමා රෝහල. කැපීමක් නිසා සිදුවන තුවාලයකට දැමීමට අවශ්‍ය ක්‍රීම් ප්ලාසටර් එක නැහැ. ගැබිනි මවවරුන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම, දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ නොමැති වීම අපේ රටේ ජනතාවට, විශේෂයෙන් සංවේදී කාන්තාවන්ගේ අවධානයට ලක්විය යුතුවෙනවා. අපේ රටේ බහුතරයක් කාන්තාවන් මේ ආණ්ඩුව ප්‍රශ්න කළ යුතු මොහොතක්. මේ ආණ්ඩුව අපේ දරුවන්ගේ ජීවිතවලට, අම්මාවරුන්ගේ ජීවිතවලට වග කියන්නේ නැහැ.
නුවර මහ රෝහළට බඬේ අමාරුවක් නිසා ඇතුළත් වූ, වයස 21ක ගැහැණු ළමයෙක් නැවත නිවසට එන්නේ පෙට්ටියෙන්. අපේ සෞඛ්‍ය ඇමති කියනවා “රෝහලට යන සියලු දෙනාම සනීපවෙලා ගෙදර එන්නේ නෑ. ඒකට තමයි මල් ශාලා තියෙන්නේ” කියලා. එවන් අසංවේදී ප්‍රකාශ කළ හැකි ඇමතිවරු ඉන්න රටක්. ඒ දරුවා රටට අහිමිවීමෙන්, පුරවැසියෙක් රටට අහිමිවීමේ කම්පාව හෝ ඒ දෙමාපියන්ගේ වේදනාව මේ පාලකයන්ට දැනෙන්නේ නැහැ. අපේ රටේ කාන්තාවන්ගේ ජීවිත, අපේ දරුවන්ගේ ජීවිත සමග රටේ පුරවැසියන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා, කියලා අපි මේ ආණ්ඩුවට කියනවා.

බෙහෙත් ගෙන්වීමේදී එය නිර්දේශ කරන්නේ ඖෂධ අධිකාරිය. මේ ඖෂධ අධිකාරිය තුළත් විශේෂඥ වෛද්‍යවරු නැහැ. ඒ නිසා ඇමතිවරයාට උවමනා විදිහට, ඇමතිවරයාගේ කොමිස්කාරයන්ට උවමනා විදිහට අද බෙහෙත් ගෙන්වීම සිදුවෙන්නේ. කොමිස් බලාපොරොත්තුවෙන් ගෙන්වන බාල බෙහෙත් නිසා තමයි රෝහලට ඇතුළත් වෙන අයට පෙට්ටියෙන් එන්න වෙලා තිබෙන්නේ. බෙහෙත් මිලදී ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයෙන් බැහැරව ගොස් සමහර වගන්ති පාවිච්චි කරලා, මේ කොමිස්කාරයන්ට බෙහෙත්වලින් සල්ලි හොයාගන්න හැකිවෙලා තිබෙනවා. ඇමතිවරයාට, තමන්ගේ හිතවතුන් සතුටු කරන්න හැකිවෙලා තිබෙනවා. හදිසි තත්වයක් යටතේදීවත් ජනතාවට ප්‍රමිතියෙන් යුත් බෙහෙත් නැතිවෙලා තිබෙනවා. මීට වසර එකහමාරකට පෙර සිටම අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්, විද්වතුන් පෙන්වා දුන්නා, මෙ රටේ ඉදිරියේදී ඖෂධ අර්බුදයක් වෙන බවත් ඒ සඳහා කඩිනමින් මැදිහත් වෙන ලෙසත්. අයවැයෙන් ප්‍රමාණවත්, මුදල් වෙන්කරන ලෙසට ඉල්ලා සිටියා. නමුත් ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම නිසා, පෙට් යන්ත්‍රය, සී.ටී. ස්කෑන් යන්ත්‍රය, එම්.ආර්. යන්ත්‍රය කැඩුණට පස්සේ එම සේවය ලබාදෙන ආයතනවලට සේවය ලබාදිය නොහැකි වී තිබෙනවා. ඒ යන්ත්‍ර අලුත්වැඩියාව පසෙකට දමා පාලකයෝ රට වටේ සවාරි යමින් සිටිනවා. මේකට සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොවෙයි, රනිල් රාජපක්ෂ ඇතුළු පසුගිය ආණ්ඩු සියල්ලම වගකිව යුතු වෙනවා.

මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය දින ගණනාවක සිට අකර්මණ්‍ය වී අලුත්වැඩියා කිරීමට නොහැකිවී තිබෙනවා. හදිසි අනතුරු අංශයේ ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍රය අලුත් වැඩියා කරගත නොහැකි කැබිනට් එකක්, ආණ්ඩුවක් මේ රටට අවශ්‍යද? ජනතාව ජීවත් කරන්න බෙහෙත් ටික, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා වගේම ජනතාවගේ මනස හඳුනාගත්, ජනතා අවශ්‍යතා තේරුම් ගත හැකි ආණ්ඩුවක් අපට අවශ්‍ය නැද්ද? ජන ජීවිතවල වටිනාකම බාල්දු කළ, ජනතාව කෙරෙහි කිසිදු සංවේදීකමක් නොමැති ආණ්ඩුව පළවා හරින්න රටේ සියලුම කාන්තාවන් පෙරමුණ ගත යුතු යැයි අපි අවධාරණයෙන් කියනවා.

Leave A Reply

Your email address will not be published.