topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතිවාදය ඇවිස්සීමෙන් රට තුළ ඇති කළ ප්‍රතිවිපාකවලට දඬුවම් ලැබිය යුතුමයි…අනුර කුමාර දිසානායක

‘උතුරේ යළි කොටි නැගිටියි’ වගේ සාකච්ඡා තිබුණේ 2015, 2016, 2017 මුල් කාලයේ පමණයි. ඊට පසුව එවැනි කතාවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මුස්ලිම් අන්තවාදයක් පෝෂණය වෙමින් තිබෙනවා ඔවුන් දැක්කා. එතැන් සිට එතන පෝෂණය කිරීම ආරම්භ කළා. ඊට පස්සේ උතුරේ අවි ආයුධ, බෝම්බ පිපිරීම්, ආවා කල්ලි නොවෙයි කරළියට ආවේ. මුස්ලිම් අන්තවාදය පෝෂණයයි ආරම්භ කළේ. සිංහල ජාතිය වඳ කිරීම සඳහා වඳ ඇඳුම්, වඳ කොත්තු, වඳ දොස්තරලා සමාජගත කිරීම මාධ්ය තුළින් පටන් ගත්තා. මාධ්යවලට ඇඳුම් ගෙනැවිත් ලේයර් ගලවමින් සිංහල ජාතිකයින් වඳ කිරීමට යොදා ගන්න බව තහවුරු කිරීමට උත්සාහ ගත්තා. 2050 වන විට සිංහල ජාතිය වඳවෙලා මුස්ලිම් ජාතිය බහුතර ජාතිය බවට පත්වෙන බව සංඛ්යා දත්ත හදමින් ඉදිරිපත් කළා. දොස්තරලාට නාලයක් මිරිකලා කාන්තාවන් වඳ කිරීමට හැකි බව ටියුෂන් ගුරුවරු කිවුවා. මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජාතියට විශාල අනතුරක් තිබෙන බව තහවුරු කිරීමට උත්සාහයක යෙදුණා. රතන හාමුදුරුවෝ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව දකුණේ කතා කරනවා, උතුරට ගොස් දෙමළ ජනතාව එකතු කිරීමට කතා කරනවා. මේ සිදුවීම් 2018දී කරළියේ තිබුණා. එහි අවසාන ප්රතිඵලය තමයි පාස්කු ප්රහාරය.
මේ ප්රහාරයට මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධයක් තිබෙන බව සත්යයක්. පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කියනවා එක තැනකදී, “පිල්ලෙයාන් කිව්වාලු ඒගොල්ලන් කිසිවක් අපේක්ෂා නොකොට තමන් අදහන ධර්මයක් වෙනුවෙන් මැරෙන්න බලාගෙන සිටින කණ්ඩායමක්.” බව. මේ ගැටුම නිර්මාණය කිරීම සඳහා, අන්න ඒ අන්තවාදී කණ්ඩායම් මේගොල්ලෝ උපයෝගී කර ගත්තා. එදත් අපි කිවුවා මෙහි බරපතළ සැකයක් තිබෙන බව. අපි ප්රකාශ කළ දේ අද ජාත්යන්තර වශයෙන් තහවුරු වෙමින් තිබෙනවා. සමහර සාධක ‘චැනල් 4’ නාලිකාවෙන් ඉදිරිපත් කළා. එක සාධකයක් පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත තමයි පෙළගැසී තිබෙන්නේ.
මේ හෙළිදරව්වෙන් පස්සේ රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ ප්රකාශයක් ඉදිරිපත් කරනවා, ‘චැනල් 4’ නාලිකාව අපිත් එක්ක පරම්පරාගත වෛරයක ඉන්නවා, ඒකයි මේ කියලා. ඔවුන් සමග තිබෙන ඉඩම් නඩුවක් සම්බන්ධ වෛරයක්ද මේ? “ගවේෂණශීලී මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සාමූහිකය” විසින් පැන්ඩෝරා පේපර්ස් එළියට දැම්මා. එහි නිරූපමා රාජපක්ෂගේ සල්ලි තිබෙන බවත් ප්රකාශ කළා. ගවේෂණශීලී මාධ්යවේදීන්ගේ ජාත්යන්තරය රාජපක්ෂලත් එක්ක වෛරයකින් සිටිනවාද? ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක ප්රවෘත්තියකින් හෙළිකළා, මහින්ද රාජපක්ෂ චීන සමාගම්වලින් ඩොලර් මිලියන 7.6ක් පගා අරගෙන තිබෙන බව. මෙම ප්රවෘත්තිය චෙක්පත් අංක සමග පළ වුණා. ‘නිව්යෝර්ක් ටයිම්ස්’ රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයකින්ද? මෑතකදී ඕස්ට්රේලියාවේ ‘ඒබීසී මීඩියා නෙට්වර්ක්ස්’ එකෙන් වාර්තාවක් එළියට දැම්මා. හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී ඊට අවශ්ය වෛද්ය උපකරණ සපයා තිබෙන්නේ ‘ඕස්ටේ්රලියා ඇස්පන් මෙඩිකල්’ සමාගම. ඒ සමාගම පගා දී තිබෙන හෙළි කළා. ඒ සමාගමට විරුද්ධව එරට උසාවිවල නඩු පවරා තිබෙනවා. මේ රටේ පගා ගත් අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඕස්ට්රේලියාවේ ‘ඒබීසී මීඩියා නෙට්වර්ක්’ එක රාජපක්ෂ පවුලත් සමග වෛරයක් තිබෙන නිසාද මේ හෙළිදරව් කළේ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ‘ජාලිය වික්රමසූරිය’ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති වෙලා සිටියා. ජාලිය වික්රමසූරිය තානාපති කාර්යාලය විකුණනකොට, මිලදී ගන්නා විට සොරකමක් කළ බව කියමින් වොෂින්ටන් දිස්ත්රික් අධිකරණය මුදල් විශුද්ධිකරණය යටතේ නඩු දැම්මා. අධිකරණයේදි වරද පිළිගත්තා. වසර දෙකකට ඇඟ බැඳලා ඩොලර් පන්දාහක දඩයක් ගැසුවා. මේ වොෂින්ටන් අධිකරණය රාජපක්ෂ පවුල සමග පාරම්පරික තරහක් නිසාද?. රාජපක්ෂ පවුල සමග පරම්පරා තරහකින් ඉන්නේ හම්බන්තොට ප්රදේශයේ මිනිස්සු, ඒ මිනිසුන්ගේ ඉඩම් අල්ලගෙන තිබෙන නිසා.
මෙවැනි හෙළිදරව්වකදී ආණ්ඩුව පළමුව කළ යුත්තේ ඒ පිළිබඳව සැලකිල්ලට භාජනය කොට පරීක්ෂණයක් පවත්වන බවට ප්රකාශයක් කිරීම. නමුත් ආණ්ඩුව කියා සිටියේ, ‘චැනල් 4’ නාලිකාව රාජපක්ෂ පවුල සමග තිබෙන පරම්පරාගත වෛරයක් නිසා මෙවන් ප්රකාශ කරන බවයි. මෙහි චුදිතයෙක් වූ ගෝඨාභය රාජපක්ෂ කියනවා “රෝමානු කතෝලික ප්රජාවට කළ හැකි හැම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි, යුද්ධය අවසන් වූ පසුව මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්රතිසංස්කරණය කිරීමට මම උදව් කළෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්රී ලංකාවේ සංචාරයට අවශ්ය කටයුතුවලට මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්රධානියා විය. බෝලවලාන ප්රදේශයේ 16වන බෙනඩික් කතෝලික උසස් අධ්යාපන ආයතනය ඉදිකිරීමේදී මම ප්රධාන කාර්යභාරයක් ඉටුකළෙමි. මෙම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමගද මම ඉතා සමීපව කටයුතු කළෙමි” අහන ප්රශ්නයට නොවෙයි ඔහු දෙන පිළිතුර. ආණ්ඩුව නිහඬව හිටියා. නමුත් ආණ්ඩුවට නිහඬව ඉන්න බැහැ. රනිල් වික්රමසිංහ රාජ්ය අමාත්යවරයා ලෙස ආරක්ෂක අමාත්යාංශය නිල නිවේදනයක් නිකුත් කර මේ සියල්ලම බැහැර කරනවා කිවුවා. මෙය කිසිවෙකුට හෝ පිළිගත හැකිද? බැහැ.
මේ ප්රහාරයේ වගඋත්තර කාණ්ඩ දෙකක් තිබෙනවා. එකක් ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම. දෙක ප්රහාරය සැලසුම් කොට දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙහෙයවපු කණ්ඩායම. දෙගොල්ලෝම අපරාධකරුවෝ. මේ අපරාධ කාණ්ඩ දෙක සිටින්නෙ කොතැනද? ප්රහාරය වළක්වා ගැනීමට අසමත්වූ ඒ අවස්ථාවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද ආණ්ඩුවේ. එයා විපක්ෂයේ පෙනුමට සිටියාට විපක්ෂයේ නොවෙයි. අයවැය එනකොට විරුද්ධව ඡන්දය දෙන්නේ නැහැ. කෙහෙලියගේ විශ්වාසභංගයේදී, ඊ.ටී.එෆ්. පනත ගේන කොට පාර්ලිමේන්තුවේ නැහැ. එයාගේ උපසභාපති, නිමල් සිරිපාල අද ආණ්ඩුවේ ඇමති. සභාපති මෛත්රීපාල, උපසභාපති නිමල් සිරිපාල. මේ ගොල්ලෝ ආණ්ඩුවේ. ඒ අවස්ථාවේ ආරක්ෂක ඇමතිවරයා මේ වෙලාවේ ආණ්ඩුවේ. ඒ ප්රහාරය සිදුවෙන කොට අගමැති, අද මේ වනවිට ජනාධිපති. ප්රහාරය සිදුවෙන කොට රාජ්ය බුද්ධි අංශයේ ප්රධානියා, අද පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ ප්රධානියා. ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම අද ආණ්ඩුවේ. ප්රහාරය පිළිබඳ චෝදනා එල්ලවෙන කණ්ඩායම පිල්ලෙයාන්. එයා අද ආණ්ඩුවේ රාජ්ය ඇමති. හමුදාවේ සිටි බුද්ධි අංශයේ ප්රධානියා සලේ. ඔහු දැන් රාජ්ය බුද්ධි අංශයේ ප්රධානියා. ඔහුට චෝදනා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඔහුත් ආණ්ඩුවේ. අද වෙනවිට ප්රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ අයත් ප්රහාරය සැලසුම් කළ බවට චෝදනා එල්ල වෙන අයත් සියලුම දෙනා ආණ්ඩුවේ. තත්වය මෙසේ නම් සාධාරණ පරීක්ෂණයක් කරයිද? කරන්නේ නැහැ. එතන පරීක්ෂණ කිරීමට යම් දෙයක් තිබෙනවා. පිල්ලෙයාන් ඇතුළු කණ්ඩායමකට දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අමාත්යාංශයෙන් ලක්ෂ 35 බැගින් පඩි ගෙව්වා. දැනුත් ගෙවනවාදැයි දැන ගැනීමට කැමතියි. පිල්ලෙයාන් මඩකලපුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින විට මේ ප්රහාරය සැලසුම්කරුවනුත් බන්ධනාගාරයේ සිටියා. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඉතා පැහැදිලි කටඋත්තරයක් දෙනවා. මෙතන සැකයට තුඩු දෙන කරුණක් නැද්ද? මෙය පරීක්ෂා කළ යුතුයි.
ඉස්සෙල්ලාම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වවුනතිව්වලදී ඝාතනය වෙනවා. සහරාන්ලාගේ පළමු ඝාතනය එයයි. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරික්ෂණ කරගෙන යන කොට තොරතුරක් ලැබෙනවා අපරාධය සිදුවුණු ආසන්න ප්රදේශයේ බෝක්කුවක් යට ජැකට් එකක් තිබෙන බවට. පොලිසිය සුනඛයත් සමග ජැකට් එක හිමිකරුවාගේ ගෙදර යනවා. එයා එල්.ටී.ටී. එකේ සිටි පුනරුත්ථාපනය වුණු අජන්තන් නැමැති පුද්ගලයාගේ ගෙදර. ප්රහාරය සහරාන්ලාගේ. නමුත් එල්.ටී.ටී.ඊ. එක දිසාවට යොමු කරනවා. ජැකට් එක දැම්මේ කවුද? ජැකට් එක දැක්කේ කවුද? සී.අයි.ඩී. එකට වාර්තා කළේ කවුද? හමුදා බුද්ධි අංශය. එතන පරීක්ෂාවට භාජනය විය යුතුයි. මේ තොරතුරු ගලාගෙන ආවේ චෙන්නායිවල බුද්ධි අංශවලින්, ලංකාවේ බුද්ධි අංශ වෙත. මෙහේ කෙනෙක් චෙන්නායිවලට තොරතුරු දෙනවා. චෙන්නායිවලින් කෙනෙක් මෙහේට තොරතුරු දෙනවා. දෙන ලද තොරතුරු සමීපම තොරතුරු. අප්රේල් 09දා වාර්තාවක් එනවා, 13 දෙනෙකු සම්බන්ධ වෙමින් ලොරියක් පුපුරා ගැනීමට සහ පහරදීමට සැලැස්මක් තිබෙන බවට. එයට 13දෙනෙකු සම්බන්ධ බවත්, ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සමගින්. 17 වැනිදා අත්හදා බැලීමේ පුපුරා ගැනීමක් සිදුවුණු බවට තොරතුරක් එනවා. බයිසිකලය කැලණියෙන් ගෙනගොස් තිබෙන බවත්, බයිසිකලයේ අංකය සහිතව තොරතුර එනවා. 20 සවස තොරතුරක් එනවා හෙට ගහන බවට. 21 උදේ 7.00ට තොරතුරක් එනවා අද උදේ පල්ලිවලට ගහන බවට. මෙහෙන් තොරතුර චෙන්නායිවලට යනවා, චෙන්නායිවලින් තොරතුරු මෙහේට එනවා.
මේ සියලු තොරතුරු ඉතා සමීප තොරතුරු. හැබැයි ඉතා වැදගත් තොරතුරු කිහිපයක් එන්නේ නැහැ. මේ පහරදීම සැලසුම් කිරීම සඳහා පානදුර ප්රදේශයෙන් ආරක්ෂණ නිවස්නයක් ගන්නවා. එතන තොරතුර ආවා නම් ප්රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබුණා. ප්රහාරයට දවස් කිහිපයකට පෙර බත්තරමුල්ල ප්රදේශයෙන් බෑග් සහ සපත්තු මිලදී ගන්නවා. තොරතුරු ලැබුණා නම්. ප්රහාරයක සැලසුම් බව වාර්තා වීමට ඉඩ තිබුණා. වළක්වා ගැනීමට තිබුණු තීරණාත්මක තොරතුරු නැතිව අනෙක් සියලුම තොරතුරු එනවා. චෙන්නායිවලට මෙහෙන් තොරතුරු දුන්නේ කවුද? තාජ් සමුද්රා හෝටලයට ජමීල් නැමැත්තා පුපුරවා ගැනීමකට යනවා. ඔහු එහිදී පුපුරවා ගන්නේ නැහැ. ඔහු දෙහිවල ‘ට්රොපිකල් ඉන්’ නමැති හෝටලයේ නවාතැන්පොළට යනවා. එහිදී පුපුරවා ගන්න උපකරණ සියල්ලම තැන්පත් කරලා. ඒ ආසන්නයේ තිබෙන පල්ලියකට එනවා. එහිදී පුද්ගලයන් මෙයාව අල්ලාගෙන ප්රශ්න කරනවා. කාටවත් මොහු කිසිත් කියන්නේ නැහැ. පල්ලිවලට ප්රහාරය සිදුකළාට පස්සේ පල්ලිවලින් දැනුවත් කරනවා සෑම පල්ලියකටම ආරක්ෂාව දෙන්න කියා. එහි ආරක්ෂාව බාරව සිටි ආරක්ෂක නිලධාරීයා යනවා පල්ලියට. එයා හිටපු පොලිස් නිලධාරියෙක්. එයා අර පුද්ගලයාව ගන්නවා. එතනදි ඔහු “මම ජමීල්, නුවර ඉඳන් ආවේ. බොරු නම් ඔයාගේ ෆෝන් එකෙන් මගේ බිරිඳට කොල් එකක් ගන්න” ඔහු කියනවා. බිරිඳට කෝල් එකක් ගත්තාම ඇය, “ජමීල් මගේ මහත්තයා” යැයි පවසනවා. ඊට පස්සේ ඔහුව යවනවා. ඔහු යන්නේ දෙහිවල ‘ට්රොපිකල් ඉන්’ හෝටලයට. පුපුරවා ගැනීමට කලින් අර ගෙදරින් නැවතත් කෝල් එකක් එනවා. ‘ජමීල් දැන් කොහේද?’ කියා බුද්ධි අංශයෙන් අහනවා. පුපුරවා ගැනීමට කලින් ජමීල්ගේ ගෙදරට බුද්ධි අංශයෙන් ගියේ කොහොමද? මේවා සැකයට තුඩුදෙන තැන්.
මේ ප්රහාරය බාරගැනීම සඳහා පොඩි සහරාන් කෙනෙක් මැලේසියාවට කතා කරනවා. මැලේසියාවේ අයිඑස්අයිඑස් මෙය බාර ගන්නේ නැහැ. ඔවුන් කියනවා ‘බයියත්’ කියා නැහැ කියලා. ඒ නිසා ඡායාරූප ප්රසිද්ධ කර කියනවා “ඔව් ඒක කිවුවා” කියා. එයා මාතලේ පොඩි සහරාන් කියා කෙනෙක්. ඒ පොඩි සහරාන්ට මෙහේ සිට කෙනෙක් කියනවා “මේ ප්රහාරය බාර ගැනීම සඳහා අරගොල්ලන්ගෙන් ඉල්ලන්න” කියලා. ඒ කතා කළ ෆොන් එකේ ඉමි අංකය එෆ්බීඅයි එක සීඅයිඩී එකට බාර දී තිබෙනවා. ඒක සොයන්න.
ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පුළුල් පරීක්ෂණයක් කළ යුතුමයි. සැකයට තුඩුදෙන තැන් විශාල ප්රමාණයක් තිබෙනවා. අවස්ථා ගණනාවකදී අපි හෙළි කර තිබෙනවා. නමුත් කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. සාධාරණ පරීක්ෂණයක් සිදුවේවි දැයි අපට අපේක්ෂා කළ හැකිද? අපරාධය කළ අයත් අපරාධය වළක්වා ගැනීමට උත්සාහ නොකළ අයත් දෙගොල්ලන්ම අද ආණ්ඩුවේ. ජාතිවාදය නැවත ඇවිස්සීම පිළිබඳව මේ රට තුළ ඇති කළ ප්රතිවිපාකවලට දඬුවම් ලැබිය යුතුමයි. එය ඉටුකිරීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළදී පමණයි.

 

Leave A Reply

Your email address will not be published.