ඇමරිකා එක්සත් ජනපද සහ යුරෝපා අධිරාජ්යවාදීන්ගේ පූර්ණ අනුග්රහය සහිතව ඊශ්රායල හමුදා විසින් ගාසා තීරයේ ඇරඹීමට යන ජනඝාතක යුද්ධයේදී පලස්තීන ජනතාවට සහයෝගිතාව ප්රකාශ කිරීම සඳහාත් මහා ලේ වැගිරීමක් වැලැක්වීම උදෙසා ගත හැකි ක්රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහාත් යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂ නියෝජිතයෝ කොළඹ පලස්තීන තානාපති කාර්යාලයට ඊයේ (13) සවස ගොස් ඇත.
මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ සහ නුවන් බෝපගේ සහභාගී වූහ.