topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුෂණය වංචා නැති කරනකොට සමහරුන්ට හිත රිදෙනවා.

IMG_2149

දුෂණය වංචාව නැති කරන විට ඇතැමුන්ට වඩාත් හිත රිදෙන බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ,  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ගේ සංකල්පයකට අනුව ”සැමට සෙවණ” මාතලේ දිස්ති‍්‍රක්කයේ විල්ගමුව-දේවගිරිය ප‍්‍රදේශයේ ඉදිවූ ”ජයවිජයගම” ආදර්ශ ගම්මානය විවෘත කිරීමට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”වෙනසක් ඇති කරන්න තමයි අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මේ රටේ ජනාධිපති කළේ. පක්ෂ පාට භේදයක් නැතුව මේ රටේ අඩු ආදායම් ලාභී සියළු දෙනාට රජයෙන් ලැබෙන්න ඕනි සියළුම දේ ලබාදෙන්න පුළුවන් අඩිතාලමක් එදා රනිල් වික‍්‍රමසිංහ  දැම්මා. මට විශ්වාස ඇතිව කියන්න පුළුවන් අපේ රජය වැඩ කරන්නේ පංගු පේරු ඇතුව නෙවෙයි. අහිංසක මිනිස්සුන්ට දෙන්න පුලූවන් සහන ලබාදෙනකොට, අනිත් පැත්තෙන් දු ෂණය වංචාව නැති කරනකොට මේ රටේ අහිංසක මිනිස්සුන්ට එහි ප‍්‍රතිලාභ ලැබෙනවා. මේවා කරනකොට සමහර අයගේ හිත රිදෙනවා. නොයෙකුත් මඩ ප‍්‍රචාර පතුරවනවා. අපි හැමෝටම මඩ ප‍්‍රචාර පතුරවනවා. ඒ අයට මම කියන්න කැමතියි මොන කල්ලි හැදිලා උත්සහ කළත් මේ රට වෙනස් කරන්න අපි මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ජයග‍්‍රහණය කරලා කරපු වැඩ පිළිවෙල නතර කරන්න කාටවත් බෑ කියලා.” යනුවෙන් සඳහන් කළාය.
අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින්, ”පහුගිය ආණ්ඩුවේ නිවාස ඇමති කෙනෙක් හිටියා. එක මුල් ගලක් තියන්න ගමට ගියාද. ගම්වල මිනිස්සු ඇහැටවත් දැකලා නෑ. මාතලේ දිස්ති‍්‍රක්කයේ ගෙවල් කීයක් හැදුවද. ගම්වල මිනිස්සුන්ට ලැබෙන්න ඕනි සියළු දේ තමන්ගේ හත්මුතු පරම්පරාවට ලබාදීලා කටයුතු කළේ. ඒ දේවල් වලට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නකොට කියනවා අපි දේශපාලන පළිගැනීම් කරනවා කියලා. මම අහන්න කැමතියි අහිංසක මිනිස්සුන්ගේ දේවල් පවුලේ අයට ලබාදීපු එක නතර කිරීම දේශපාලන පළිගැනීමක්ද. විමල් වීරවංශ මන්ති‍්‍රතුමා හරි දක්ෂයි වේදිකාවට නැගලා නැති දේවල් මවලා පෙන්වන්න. කථාවෙන්නම් හරිම සමාජවාදීයි. අම්මේ එහෙම කෙනෙක් නෑ මිනිස්සුන්ට ආදරේ. හැබැයි වැඩකරන්න ගියාම. මොකටද අද සිරගත කරලා තියෙන්නේ පවුලේ උදවිය වාහන 100ක් අවභාවිතා කරලා.
සජිත් පේ‍්‍රමදාස  තමන්ගේ වැඩ වලට රජයේ වාහන කීයක් භාවිතා කරනවද. පෞද්ගලික වැඩවලට රජයේ වාහන කීයක් යොදාගන්නවද. නංගිට වාහන කීයක් දීලා තියෙනවද. අද මම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඒ ගැන. අපි මේ ආණ්ඩුවේ එක සතයක්වත් අවභාවිතාවක් කරන්නට අනිසි ප‍්‍රයෝජනයක් ගන්නට, අහිංසක ජනතාවගේ සල්ලි නිකරුනේ වියදම් කරන්නට අපේ ජනපතිතුමාවත් අගමැතිතුමාවත් සජිත් ඇමතිතුමාවත් කටයුතු කරන්නේ නැහැ කියලා බය නැතිව කියන්න පුලූවන්. ඒකම ඇති ඔයගෝල්ලන්ට මේ වෙනස ගැන සන්තෝස වෙන්නට. සමහර අයට හරි අමාරුයි. අද සමහරු අහනවා කෝ යහපාලනය කියලා. යහපාලනය එතන නැද්ද. යහපාලනය කියන්නේ තමන්ගේ පවුලේ අයට ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න දෙන එකද. මෙන්න මේක තමයි යහපාලනය. රටේ නීතියක් තිබුණේ නැහැ. රාජපක්ෂගේ නීතිය තමයි රටේ නීතිය බවට පත් වුනේ. රාජපක්ෂවරු හිතන දේ තමයි රටේ ආර්ථිකය බවට පත් වුනේ. ගෝඨාභය රාජපක්ෂ මරන්න කෙනෙක් හිතුවා නම්, උස්සන්න කෙනක් හිතුවා නම් ඒක තමයි රටේ තිබුණු නීතිය. නාස්ති කරලා , කොමිස් ගහලා, හොරකම් කරලා රටේ ජනතාවට ලැබෙන්න තිබුණු ප‍්‍රතිලාභ නවත්තපු ඒ යුගය සදාකාලිකව වලලලා දාලා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමගේ නායකත්වයෙන් දුප්පත්කම අඩුවෙන , මිනිස්සුන්ගේ අතට මුදල් එන හො`දින් ජීවත්වෙන්න පුලූවන් රටක් නිර්මාණය කරන එකයි අපේ බලාපොරොත්තුව.” ලෙස සඳහන් කළාය.
මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ප‍්‍රධාන සංඝනායක විනිතදේවානන්ද හිමි, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනි රෝහිණි කවිරත්න, මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් අලූවිහාරේ, දඹුල්ල එජාප සංවිධායක පි‍්‍රයනාත් විජේරත්න, විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.නිශාන්ත දිනිපි‍්‍රය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ති‍්‍රක් කළමණාකරු ඞී.කේ.ශාන්ත සේනාරත්න ඇතුළු පිරිසක් එක්වූහ.

IMG_2098

 

Leave A Reply

Your email address will not be published.