ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දුනීසියාවට. පුවත් On Mar 6, 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඒ ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහාය. ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වන සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය. ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රිය සහයෝගිතාව ශක්තිමත් කිරීම, යන තේමාව යටතේ රාජ්‍ය නායක සමුළුව ජකර්තා නුවරරදී ආරම්භ කෙරෙන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමුළුව ඇමතීමටද නියමිතය. මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ධීවර හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රයේ ගිවිසුම් 2 කට ද ජනාධිපතිවරයා මෙම සංචාරයදී අත්සන් තැබීමට නියමිත ය. Share this:TwitterFacebook Related