අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුමන ජාතික වනෝද්‍යානයේ බඹරගස්තලාව ප්‍රදේශයේ පිහිටි පොළොන්නරු යුගයට අයත්යැයි සැලකෙන සුවිශාල සැතපෙන බුදුපිළිමය නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුව විනාශයට පත්වෙමින් පවතින බව පසුගියදා අනාවරණය විය . එම වාර්තාවීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම බුදුපිළිමය සහ ඒ ආශ්රිත පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පුරාසාධක සංරක්ෂණය කිරීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කර ඇත . ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විශේෂ උපදෙස් මතයි.
මෙම බුදුපිළිමය උසින් අඩි 07ක් හා දිගින් අඩි 33ක් පමණ වන අතර, ගඩොල් සහ හුණු බදාමයෙන් නිමකරන ලද්දක්. නිදන්හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබූ මෙම සුවිශේෂී නිර්මාණය සංරක්ෂණය කිරීම වෙනුවෙන් රසායන සංරක්ෂණවේදී ජයන්ත සමරසිංහ සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිරිපත් වී ඇත . ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැයකරන්නට මෙවැනි පුද්ගලික මට්ටමේ විශේෂ මැදිහත්වීම් කෘතවේදීව අගය කළ යුතුයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල් ප්‍රතිපාදන යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ඇතිව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක ගේ උපදේශකත්වයෙන් ඒ අනුව මෙම බුදුපිළිමය සහ ඒ ආශ්රිත පුරා විද්‍යාත්මක සාධක සංරක්ෂණ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බව වාර්තා වේ .