කාන්තාවන්ගේ ආරක්‍ෂාව හා සුබ සාධනය සඳහා වත්මන් රජය පක්‍ෂ, ආගම්, ජාති භේදයකින් තොරව සැලකිය යුතු කාර්යභාර්යක් ඉටුකර ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරිය රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය උදෙසා කාන්තා දායකත්වය වැඩි වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන් කර සිටියි.   අමාත්‍යවරිය  මේ අදහස් කියා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික කාන්තා දින උත්සවය පසුගියදා (22දා) කිලිනොච්චිය සමුපකාර මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදී ය.