මිනුවන්ගොඩ පොලිස් වසමේ හීනටියන ප්රදේශයේදී මිගමුව පොලිස් කොට්ඨාස නිතිය ඛලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදූකර ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගෙන කටුනායක පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. එම ගිණි අවි අතරට ටි 56 ගිනි අවි 02 . ජීව අත් බෝම්බයක් ,ටොම්බ ගන් බෝම්බ එකක්,
ටී 56 උණ්ඩ 263ක් , ටී56 අවියක ගලවන ලද කොටස් ,රයිෆල් උණ්ඩ 25 . මැගසින් 02 වේ.මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 30ක් වන මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට මෙම අවි ආයුධ ලබා දුන් තවත් සැකකරුවෙකු හදුනාගෙන ඇති අතර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදුකරනු ලබයි.