රාජ්‍ය දේපල පෞද්ගලිකරණය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් නොවන බව යලිත් වරක් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිලිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ ය. අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු විටෙක පෞද්ගලිකරණය සිදු නොකරන බවයි.
අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු නොකරන බවය.