ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියේ ය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේදී පත්වීම් ලබා දුන් බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම වෙත තමා කැඳවා ඇති බව මුසම්මිල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.