පොරොන්දු වූ වගා වන්දි මුදල් ලබා දෙන ලෙස ආණ්ඩුවට ලකරමින් ගොවීන් විසින් ඊයේ (24) දඹුල්ලේදී උද්ඝෝෂණයක් පැවත්වනලදී. වගා වන්දි ලෙස ආණ්ඩුව විසින් රුපියල් 40,000ක් ලබා දෙන බවට පොරොන්දු වුවද මේ දක්වා එම මුදල් ලැබී නොමැති බව ගොවීහු චෝදනා කරති. මෙම උද්ඝෝෂණය සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ අතර එහි සභාපති නාමල් කරුණාරත්න ඇතුළු ගොවි නායකයෝ සහභාගී වි සිටියහ.