පොතුහැර, දම්බොක්ක ප්රදේශයේදී පානදුර, වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා එකලස් කර විකුණන ස්ථානයක් වටලා ඇත. එහිදී නීති විරෝධී ලෙස සකස් කළ කාර් රථයක් හා ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබී ඇති අතර පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.