වරාය සේවකයින්ට සිය රැකියාව පිළිබඳ අභිමානයක් ඇති කිරීම නව පරිපාලනයේ මූලික අරමුණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග පවසයි. ඔහු මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි විශ්‍රාමික සේවකයන්ට රන් තිළිණ ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී උත්සවය පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග වැඩිදුරටත් කියා සිටියේ සෑම සේවකයෙකු තුළම වරාය පිළිබඳවද ගෞරවයක් ඇති විය යුතු බවයි.
“වරායට අවශ්‍ය දක්ෂ පුද්ගලයින්. ඒ වගේම එම සේවකයින් දක්ෂතා අනුව සුදුසු කාර්යන් සඳහාත් යොමු කළ යුතුයි. ඒක තමයි ආයතනයක දියුණුවේ රහස. ඒ සාර්ථකත්වය උදා කර ගැනීම සඳහා මේ වනවිට අපි වරාය අධිකාරියේ පරිපාලනයෙහි යම් යම් වෙනස්කම් කරමින් සිටිනවා. හොඳින් වැඩකරන, රාජකාරිය හඳුනන සේවකයින් අදාළ ස්ථාන වෙත යොමු කිරීමෙන් දියුණුවක් ලබා තියෙනවා. අලුතින් බඳවාගත් සේවකයින්ටත් මෙහිදී මම පණිවිඩයක් දෙනවා. ආයතනයේ දියුණුව වගේම තමන්ගේ ජීවිතයේ දියුණුවත් සලකන්න ඕන. ඒ සඳහා පළමුවෙන්ම තමන්ට ලැබෙන මුදල කොයි විදියටද වියදම් කරන්නේ කියලා සැලසුමක් හදාගන්න ඕන. නැත්නම් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්න හැමදාම සිදු වෙනවා.” යැයිද සභාපති ධම්මික රණතුංග වැඩිදුරටත් පැවසීය.