topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිටු 1000 ඉවතට.

mullaitheevu_court_CI
වසර 7කට ඉහත දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාම ලේඛණයක් බව පවසා මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන ඉදිරිපත් කළ ලිපිගොනුවක් අධිකරණයේදී ප්‍රතික්ෂේප කර තිබේ.
මුලතිව් යුද හමුදා කඳවුරේ ආඥාපති විසින් දෙන ලද පිටු දහසකට වැඩි ලියැවිල්ල ප්‍රතික්ෂේප කළ මුලතිව් මහේස්ත්‍රාත් වරයාල 58 සේනාංකය සතු යුද්ධයේ අවසන් දින තුනේදී භාරවූවන්ගේ විස්තර අඩංගු ලිපිගොනු භාර දෙන ලෙස යුද හමුදාපතිවරයා ට නියෝග කොට තිබේ.
අධිකරණය එම නියෝගය කළේ උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වූවන් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් මුලතිව් අධිකරණයේ ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් කිහිපයක් නැවතත් විභාගයට අවස්ථාවේදීයි.
මීට පස් මාසයකට පෙර පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී භාරවුවන් සහ අත් අඩංගුවට ගත් අයගේ නාම ලේඛණයක් යුද හමුදාව සතුව ඇති බව පිළිගත් 58 වැනි සේනාංකයේ මෙන්ම මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධනට අධිකරණය නියෝග කර තිබුණි.
පෙත්සම යලිත් විභාගයට ගත් අවස්ථාවේ පිටු 1000 වඩා වැඩි ප්‍රමාණයකින් යුතුව මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධනජය් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ යුද හමුදාව විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබුවන්ගේ විස්තර ඇතුලත් ලේඛණයක්
විනා අධිකරණය ඉල්ලා සිටි ලැයිස්තුව නොවන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ එස් රත්නවේල් එහිදී අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
පුනරුත්ථාපන කොමසාරිස් වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම ලේඛනයේ ඇත්තේ යුද්ධයේ අවසන් දින වු 2009 මැයි 1, 18 සහ 19 යන දිනවල හමුදාවට බාර වූවන්ගේ  තොරතුරැ නොවන බව පෙන්වා දී ඇති නීතිඥ කේ එස් රත්නවේල් එය පිළිගත නොහැකි බව අධිකරණයට දැනුම් දී තිබේ.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසු මුලතිව් මහේස්ත්‍රාත් එම්. එස්. එම්. සම්සුදීන් හමුදාවට නියෝග කර ඇත්තේ පැමිණිලි කරුවන් විසින් නඩු ගොනු කිරීමේදී දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති යුද හමුදා ප්‍රධානී ක්‍රිශාන්ත ද සිල්වා හෝ ඔහුගේ නියෝජිතයකු මගින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ මුල්ම නාම ලේඛණය එළැඹෙන නඩු දිනය වන සැප්තැම්බර් 29 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
යුද්ධයේ අවසන් දින කිහිපය තුල මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතුව ඇති බවට මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණය හමුවේ මුල් වරට හෙළි කොට තිබුනේ පෙබරවාරි 17 වන දිනයි.
ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුදීන් 58 සේනාංකාධිපතිට නියෝග කර තිබුනේ හමුදාවට භාර වු හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේත්ල යුද හමුදාව විසින් අත් අඩංගුවට ගත් එල්ටීටීඊ කැරළිකරුවන්ගේත් නාම ලේඛන ඊළඟ නඩු වාරය යෙදුනු පසුගිය අප්‍රේල් 9 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
එහෙත් එදින සිට නඩු වාර දෙකක් සදහා මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණයට පැමිණ නොමැති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයාද උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගත වීම හේතුවෙන් අධිකරණයට සහභාගි වී නොමැති බව නීතිඥ කේ එස් රත්නවේල් සදහන් කළේය.

Leave A Reply

Your email address will not be published.