හිග බදු මුදල් ගෙවිමට සහන කාලයක් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒසුඛෝපභෝගි හෝ අර්ධ සුඛෝපභෝගි හෝ අර්ධ සුඛෝපභෝගි ද්විත්ව කාර්යය වාහන සඳහාය.
ඇමැති මණ්ඩල පත්‍රිකා අංක 7-1741-709-065ක් වූ අංක දරණ මුදල් පනතට අනුව ඉහත නම් සඳහන් වාහන සඳහා හිඟ බදු මුදල් අය කිරිමේදි සියලුම හිඟ මුදල් සමඟ සියයට පහක දඩ මුදලක් පමණක් අය කිරීමට සහන කාලයක් ලබා දිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම හිග බදු මුදල් ගෙවීම සඳහා මාස තුනක් එනම් ලබන සැප්තැම්බර් 1වැනිදා සිට නොවැම්බර් 30 දක්වා එම සහන කාලය ක්‍රියාත්මක වෙයි. එම කාලය තුළ මේ වාහන සඳහා ලබා දි ඇති සහන ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දන්වා සිටියි.