අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් ගැන යෝජනා කොට ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මඟින් තෝරාගත යුතු යැයිද, පළාත් සභාවලට අදාළ වන බලතල ජනධිපතිවරයාට පැවරියයුතු යැයිද වාර්තාවේ සඳහන් බව පැවසේ. අගමැතිවරයා සෘජුවම ඡන්දයකින් තෝරා පත්කර ගැනීම හෝ පූර්ව නම් කිරීමෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීම හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය යටතේ පත්කිරීම හෝ විය හැකි බව සඳහන් වේ.
ඊයේ(21) දිනයේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර කමිටුවේ යෝජනාව වන්නේ ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යක් /ඔරුමිත්ත නාඩු විය යුතු බව යැයි සඳහන් වේ.