කොළඹ වරායේ බොරතෙල් ගොඩබාන නලයක් යළි පිපිරීමට ලක්ව තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතාගෙන්LNC මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බාල තෙල් නල ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්තවය උදා වී ඇති බවයි.
ඉරානයේ සිට රැගෙන ආ බොරතෙල් මෙට්රික් ටොන් අනූ දහසක් ගොඩබෑමට ඊයේ පස්වරුවේ සූදානම් වු අවස්ථාවේ අදාළ නලය පිපිරීම පිළිබඳ හඳුනාගෙන ඇත.
මීට සති දෙකකට පමණ ඉහතදී ද අදාළ නලයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
බොරතෙල් ගොඩබෑම ප්රමාද වුවහොත් නැව් සඳහා දෛනිකව විශාල ප්රමාද ගාස්තු ගෙවිය යුතු බව ද ආනන්ද පාලිත මහතා පැවැසිය.