topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වකුගඩු රෝගීන් වාර්තා වීමේ අඩුවක්.

shortage_of_ kidney_ patients_1

වත්මන් රජයේ විධිමත් වකුගඩු රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් නව රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ  ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තවත් තහවුරු කරමින් චීන රජයේ මුල්‍යාධාර මත පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වෘක්තවේද රෝහලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශ්‍රී ලංකාවේ බිහිවන ජාතික වකුගඩු රෝහලට මුල්ගල් තැබීමේ අවස්ථාව ඉතා වැදගත්. වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙවැනි රෝහලක් බිහි වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම මතයි. පසුගිය රජය සමයේ වකුගඩු රෝගය උත්සන්න වුවත් ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළත්, වැඩක් වුයේ  නැහැ. මොකද වකුගඩු රෝගය පිළිබදව පසුගිය රජයට වැටහීමක් තිබුනේ නැහැ. වර්තමානයේ උතුරුමැද පළාතට පමණක් නොව, දිස්ත්‍රික්ක 18 ක වකුගඩු රෝගය පැතිර තිබෙනවා. යහපාලන රජය බලයට පත්වන විට රෝගීන් 21,000 ක් ශ්‍රී ලංකාවේ වාර්තා වුනා. 2017 වසරේ දීත් එම සීමාවේම රෝගීන්ගේ සංඛ්‍යාව පවත්වාගෙන යාමට අපට හැකි වුනා. නව වකුගඩු රෝගීන් වාර්තා වීම ඉතාම අඩුයි. වකුගඩු රෝගය පාලනය කිරීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ සදහා වූ ප්‍රධානම සාධකය වුයේ වකුගඩු රෝගීන්ගෙන් බහුල පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහිවීමයි. ලෝකයේ දියුණූ රටවල පවතින යහ පාලනය ශ්‍රී ලංකාවට ගෙනඒමට ජනාධිපතිවරයා කැපවී සිටිනවා. ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ සහ චීනයේ සංචාරයක නිරත වුනා. එම සංචාරයට මමත් සහභාගි වුනා.  චීනය සහ ඉන්දියාව අපේ ඓතිහාසික මිතුරන්. චීන සංචාරයේ දී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ නවීනතම වකුගඩු රෝහලක් ඉදිකර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම චීන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පිළීගනු ලැබුවා. සැළසුම් සකස් කිරීමෙන් පසු චීන රජය රුපියල් මිලියන 12,000 ක සම්පුර්ණ මුදලම ප්‍රදානයක් ලෙස ලබාදීමට එකගත්වය පළ කළා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජය මුල්‍ය ප්‍රදාන ලෙස රුපියල් මිලියන 33,000 ක මුදලක් ලබා දී තිබෙනවා. 2018/2020 කාලය තුල තවත් රුපියල් මිලියන 47,000 ක ප්‍රදානයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. පොලී අවම ණය ආධාර රුපියල් මිලියන දෙලක්ෂ විසිහත්දාහක් ලබාදී තිබෙනවා. මෙම වකුගඩු රෝහලට අමතරව චීනය විසින් ආසියාවේ විශාලතම වකුගඩු රෝග පර්යේෂණාගාරය ද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉදිකිරිමට සැළසුම් කර තිබෙනවා. හදුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හේතුව සෙවිය යුතුයි. විවිධ හේතු කාරණා ඉදිරිපත් වී තිබුන ද ඒ පිළීබද සැකයක් පවතිනවා. නියම හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. ලෝක සෞඛ්‍ය  සංවිධානය ද පරීක්ෂණයක් කළත් අවසන් නිගමනයකට පැමිණියේ නැහැ. හේතු කාරකය රසායනික ද්‍රව්‍ය සම්බන්ධයක් බව දැනට පිළීගෙන තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා විසින් ග්ලයිෆොසෙට් කෘෂි රසායනය තහනම් කළේ. මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කරන ලෙස පසුගිය රජය සමයේ ද ඉල්ලීම් කළත් එය ඉටුවුයේ නැහැ. ඊට අවනත වූයෙත් නැහැ. මොකද පසුගිය රජය සමාගම පැත්තේ හිටියේ. නමුත් වත්මන් ජනාධිපතිවරයා එම කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කළා. රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමට එය ද එක් හේතුවක්.”

“පසුගිය කාලයේ දී වසරකට වකුගඩු රෝගීන් 3000 ක් අලුතින් එකතු වුනා. ජනවාරි 08 අපි ප්‍රකාශ කළා වකුගඩු රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩි කරනවා කියලා. අපි බලයට පත්වන විට තිබුනේ යන්ත්‍ර 229 ක් පමණයි. 2016 වසරේ දී එම සංඛ්‍යාව 507 දක්වා වැඩි කළා. 2017 වසරේ දී යන්ත්‍ර සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දීය ආයෝජකයෙක් මගින් තවත් රුධිර කාන්දුකරණ යන්ත්‍ර 900 ක් ලැබෙනවා. එම යන්ත්‍ර සවිකිරීමෙන් පසු රෝගීන් රුධිර කාන්දුකරණය සදහා යොමු කරන්නේ රජය විසින් මුදල් ලබාදීමෙන් අනතුරුවයි. එක් රෝගියෙක් වෙනුවෙන් රුධිර කාන්දුකරණය සදහා රුපියල් 4500 ක මුදලක් රජය වැය කරනවා. දැනට රජයේ රෝහලක රුධිර කාන්දුකරණය සදහා රුපියල් 5900 ක් වැය වන බව ගණන් බලා තිබෙනවා. පෞද්ගලික රෝහලක රුධිර කාන්දුකරණය සදහා රුපියල් 9000 ක මුදලක් ලබාගන්නවා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ කිරිම, අක්මා බද්ධ කිරීම, හෘද බද්ධය, ආරම්භ කරමින් සෞඛ්‍ය ජයග්‍රහණ රැසක් ලබාගත්තා. වකුගඩු රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්‍රම ද විධිමත් කර තිබෙනවා. වකුගඩු නිවාරණ කටයුතු සදහා නිලධාරීන්ට යාමට වෑන් රථ 28 ක් ලබාදුන්නා. වකුගඩු රෝගීන්ට ගෙවන මුදල වැඩි කළා. ඉදිරියේ දී ජංගම රුධිර කාන්දුකරණ රෝහල් ශ්‍රි ලංකාවට ගෙනඒමට අපි කටයුතු කරනවා. තවද තමන්ටම තමන්ගේ රුධිර කාන්දුකරණය සිදුකළ හැකි යන්ත්‍ර ද ගෙන එනවා. ඒ පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කරනවා.”

“2016 වසරේ දී සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 235 ක මුදලක් වෙන් කළා. මෙම වසරේ දීත් එවැනිම මුදලක් වෙන්කර තිබෙනවා. වත්මන් රජය ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයටයි. නමුත් අපේ රටේ මාධ්‍ය සහ ජනතාව කථා කරන්නේ හාල් සහ අර්තාපල් මිල ඉහළ යාම පමණයි. ලැබුනු සහන පිළිබදව කථා කරන්නේ නැහැ. කිසියම් භාණ්ඩයක මිල වැඩිවීම පිළිබදව කථා කරනවා. නමුත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල සියයට 85 කින් අඩුවීම ගැන කථා කරන්නේ නැහැ. යහපාලන රජය විවිධ විවේචන වලට ලක් වෙනවා. නමුත් අංග සම්පුර්ණ රජයක් ලෝකයේ කොහේවත් බිහිවෙලා නැහැ. රජයක අඩුපාඩු තිබෙන්න පුලුවන්. නමුත් රජය ගමන් කරන දිශානතිය තමයි වැදගත්. බුද්ධියෙන් තීන්දු තීරණ ගන්න. ජනවාරි 08 ප්‍රාර්ථනා කළ යහපාලනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. හිටපු ජනාධිපතිවරයා හැසිරුණූ ආකාරයත් වත්මන් ජනාධිපතිවරයා හැසිරෙන ආකාරයත් දෙස බලන්න. වත්මන් ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් තමයි තීන්දු තීරණ ගනු ලබන්නේ. වකගඩු රෝහල ඉදිකිරීම සදහා මුල්‍ය ප්‍රදාන ලබාදීම වෙනුවෙන් මම චීන රජයට ද ස්තූතිය පුද කරනවා,  යැයි පැවසීය.

මෙම රෝහල ඉදිකිරීමට වැය කිරිමට යෝජිත  මුදල රුපියල් මිලියන 12000 ක් බවත්,  ඇදන් 200 කින් සමන්විත මෙම රෝහල මහල් 04 කින් යුක්ත වන බවත්, ශල්‍යාගාර 06 ක් සහ රුධීර කාන්දුපෙරණ ඒකක 100 කින් යුක්තව  මෙම රෝහල කඩිනමින් ඉදිකිරීමට සැළසුම් කොට ඇති බවත් සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.