යහපාලනය තිබෙන හොදම තැන වරාය බව වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුම් උත්සවයට එක් වෙමිනි. එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ අදහස් ප්‍රකාශ කළේ ය.
“වරාය අධිකාරියේ ඉතිහාසයේ ගෙවුණ වසර තරම් ප්රවර්ධනයක් ඇති වුණ වෙන වසරක් තවත් නෑ. ලලිත් ඇතුලත්මුදලි මේ කටයුත්ත ආරම්භ කරාට පස්සේ ගෙවුණු හොඳම වර්ෂය තමයි පහුගිය වර්ෂය. අපි 37 වැනි වසර සමරන්නේ ඒ අභිමානයෙන්. වරාය අධිකාරියේ වගේ ඉහළ වැටුප් තලයක ඉන්න පිරිසක් වෙන කොහෙවත් නෑ. ඔබේ සේවයට සරිලන දීමනාවක් ගෙවමින් තමයි අපි වරායේ සියලු අභියෝග ජය ගන්නේ. විශේෂඥ දැනුම තියෙන නිලධාරී මණ්ඩලයක් සහ සේවක පිරිසක් මේ අධිකාරියේ සිටිනවා. ඔබයි මේ අධිකාරියේ ජීවනාලිය. ඔබයි මේ අධිකාරියේ ශක්තිමත් දම්වැල. මේ ආයතනයට කාර්මික සාමයක් අවශ්‍යයි. හොඳ සහජීවනයක් අවශ්‍යයි. වරාය අධිකාරියේ වැඩ වර්ජන කර බැහැ. වරායේ සේවකයෝ වැඩ වර්ජන කරලා බැහැ…..” යනුවෙනි .