රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර ඇති බව වාර්ථා වේ.
ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම තනතුරට පත් කර ඇති බවත් අද(06) පැවැත් වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බවත් සඳහන් වේ.