ඌව පළාත් හිටපු මහඇමති පාර්ලිමේන්තු මන්ති‍්‍ර චාමර සම්පත් දසනායකගේ අනුගාමිකයින් වන ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර සමන්ත හා ඔහුගේ මාධ්‍ය ඒකකයේ කටයුතු කරන ප්‍රසන්න නම් පුද්ගලයින් විසින් ඔක්. 04 වැනිදා පස්වරුවේ ලූණුගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඔහුගේ නිවස තුළදි බිරි`ද හා දරුවන් ඉදිරියේ පහර දීම නිසා ලූණුුගල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙම මිලේච්ඡ පහර දීම තරයේ හෙළා දකින ලංකා ගුරු සේවා සංගමය හිටපු මහ ඇමතිවරයාගේ මැරයින් වහාම අත්අඩංගුවට ගෙන නීතීය කි‍්‍රයාත්මක කරන ලෙස බල කර සිටී.
පසුගිය ඔක්. 04 දින ලූණුුගල ප්‍රාථමික විද්‍යාලයේදී හිටපු මහඇමතිවරයා හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මැදිහත් වීමෙන් පවත්වන ලද 05 ශ්‍රේණියේ ශීෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට මෙම විදුහල්පතිවරයා ආහාර පාන නොසැපවුයේ යැයි යන කරුණ මත පළමුව ගුරු නිවාසයට පැමිණි ඉහත පුද්ගලයින් තර්ජනය කර තිබේ.
පසුව පස්වරු 01.00 ට පමණ පැමිණි එම පිරිස දරුවන් හා බිරිද ඉදිරියේ විදුහල්පතිවරයාට පරුෂ වචනයෙන් බැන පහර දීම නිසා ලූණුුගල රෝහලට ඇතුළත් කෙරුන අතර පහරදුන් අය බීමත්ව සිටියේදැයි පරික්ෂණයක් සදහා රෝහලට ගෙන ආවද පරීක්ෂණයකින් තොරව මත්පැන් ග
ද වහනය නොවන බව පවසා හරවා යවා ඇත.
ඌව පළාත් හිටපු මහඇමතිවරයා විසින් විදුහල්පතිනියක තම නිල නිවසට කැ`දවා දණ ගැස්සවීමේ සිට දිගින් දිගටම විදුහල්පතිවරුන්ට සිදු කර තිබෙන හිංසාවන් බෙහෙවින්ම කනගාටුදායක තත්ත්වයක් බව අවධාරණය කරන ලංකා ගුරුසේවා සංගමය, මීට වගකිව යුතු සියල්ලන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටි.