ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්රිෂාන්ත මාරඹගේ පැවැසුවේ ය.
ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත්, තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ සඳහන් කළේය.