එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව අපි අත්සන් කරල තියනවා නිසි කාලාන්තරයක් තුළ මැතිවරණ පවත්වන්න. නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි. මේ ක්‍රමය අනුමත කළේ සියලු පක්ෂවල එකතුවෙන්. 2012 වසරේදී අද වන විට වසර 4 1/2ක් ගත වී ඇතත් මේ ක්රමයේ වෙනසක් වෙලා නැහැ. මනාප ක්‍රමය තුළ තමන් කැමති අපේක්ෂකයකුට මනාප දීමේ අයිතිය ඡන්ද දායකයාට තියනවා.
නීති පැනවීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. මහජනතාවට සීමා නිර්ණය ද පනත සංශෝධනයද නොවෙයි ප්රශ්නය. මැතිවරණය පවත්වන එකයි. පිට්ටනිය ලෑස්ති නැත්නම් මැච් එක ගහන්න බැහැ. අපිට බලාපොරොත්තුවක් නැහැ ඡන්දය කල් දාන්න.
ප්රජාතන්ත්රවාදය ඉගෙනීම අවශ්‍යයි. අනුන්ගේ මතය ඉවසීම ප්රජාතන්ත්රවාදයට අනුව වැදගත්. අන්‍යයන්ට සවන්දීම අන් මතයන් ඉවසීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් ශිෂ්‍යයන් ඉගෙන ගන්නවා. තරුණයන් උදෑසන පිපෙන මල් වගේ කියල මාඕ සේතුං කියල තියනවා. ඡන්දයේ වැදගත්කම ගැන ආකල්ප ඇති කරන්න තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුව තියෙන්නේ. මේ තුළින් අනාගත පරපුර වෙත ප්රජාතන්ත්රවාදය ගැන පණිවුඩය ඔවුන්ට අරන් යන්න පුළුවන්. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරය ඇරඹීමේ උත්සවයට එක්වෙමිනි.