topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තෙල් ටැංකි විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජයට පත් කළ යුතුයි.

3

තෙල් ටැංකි විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජයට පත් කළ යුතුයි  යයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි. ඔහු මේ බව  කියා සිටියේ  අද දින ජනතා විමුක්ති පෙරමුණ  විසින් බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී  පැවති මාධ්‍ය හමුවක්  අමතමිණි.  එහෙදි  වැඩිදුරටත්  අදහස්  දැක්වූ  අනුර  දිසානායකයන්

”ත‍්‍රීකුණාමලයේ චීන වරාය ආශ‍්‍රිතව තෙල් ටැංකි 102ක් තිබුණා. ඉන් 03කට හානි වී තිබෙනවා. තෙල් ටැංකි 99ක් සක‍්‍රිය තත්වයේ පවතිනවා. මෙය 1930 දශකයේ බි‍්‍රතාන්‍ය පාලනය විසින් ඉදිකරනු ලැබුවා. ඒ, අග්නිදිග ආසියාවේ ගැඹුරුතම වරාය ලෙස ත‍්‍රීමලය වරාය පැවති නිසා අග්නිදිග ආසියාවේ තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙනයි. 1948 බි‍්‍රතාන්‍යයින් ලංකාවෙන් ගියත් තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට පැවරුවේ නැහැ. 1957දී ලංකාවේ රජය පවුම් 2,50,000ක් බි‍්‍රතාන්‍යයට ගෙවා නැවත එවා ලංකාවට පවරා ගත්තා.
ආසන්න වශයෙන් මෙම එක් ටැංකියකට තෙල් මෙටි‍්‍රක් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. සියල්ල ගතහොත් තෙල් මෙ.ටො. දශ ලක්ෂයක් මෙම සංකීර්නයේ ගබඩා කළ හැකියි. මුතුරාජවෙලත් කොලොන්නාවේත් ගබඩා කළ හැකි වන්නේ තෙල් මෙ.ටො. ලක්ෂ 04ක් පමණයි. ඒ නිසා මෙම ටැංකි සංකීර්ණය තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙන භාවිත කළ හැකිව තිබෙනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව හැමදාමත් කටයුතු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ඒ අනුව 2003 වසරේදී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව සමයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියවේ අයි ඕසී සමාගමට බදු දීමට අදාළ ගිවිසුමක් අත්සන් කළා. එතැන් සිට මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි ඕසී සමාගම විසින් මෙහෙයවනු ලැබුවා. 2005 – 2009 කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, අයි ඕසී සමාගම භාරයේ තිබූ තෙල් ටැංකි වෙනුවෙන් රු. මිලියන 692ක බද්දක් ගෙවා තිබෙනවා. මෙහි ටැංකි පද්ධතිය උඩබිම් ප‍්‍රදේශයේ 85ක් සහ පහළ බිම් ප‍්‍රදේශයේ 14ක් වශයෙන් පවතිනවා. දැනට භාවිතයේ පවතින්නේ ක‍්‍රියාත්මක මුළු ටැංකි 99න් මෙම ටැංකි 14 පමණයි. යුද්ධය පැවති කාලයේ උතුරු ප‍්‍රදේශයට තෙල් සැපයුම් කරගත හැකි වූයේ නැව් මාර්ගයෙනුයි. එම නිසා එම නැව්වලට තෙල් ලබා ගත්තේ අයි ඕසී සමාගමට බදු දෙන ලද තෙල් ටැංකිවලිනුයි. ඒ අනුව 2005-2009 කාලයේ තෙල් ලබාගැනීමෙ වෙනුවෙන් අයි ඕසී සමාගමට රු. මිලියන 692ක බද්දක් ගෙව්වා. ඒත් ඒ කාලය වෙනුවෙන් ආණ්ඩුවට බදු වශයෙන් ලැබුණේ ඩොලර් ලක්ෂ 05යි. එනම් රු. මිලියන 75ක් පමණයි. ඒ අපි ඒ අවුරුදු පහ වෙනුවෙන් රු.මි. 692ක් ගෙව්වා. ඒක හරියට තමන්ගේ ගේ රු. ලක්ෂයකට කුලියට දීලා, ඒ ගෙදරින් කාමරයක් ලක්ෂ 10කට ගන්නවා වගේ වැඩක්.
රනිල් වික‍්‍රමසිංහලා හැමදාමත් කටයුතු කළේ අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීමේ දිශාවට නෙමෙයි, ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ආණ්ඩුව මෙම තෙල් ටැංකි සංකීර්ණය පැවරීමට අදාළ බදු ගිවිසුම නීත්‍යානුකූලද නැද්ද යන කාරණය දිගින් දිගට පැනනැගෙමින් තිබුණා. 2016.04.28 වැනිදා චන්දිම වීරක්කොඩි ඛනිජතෙල් අමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත‍්‍රිකාවේ ඔහු මෙසේ කිවුවා. ”2003 පෙබ. 07වැනි දින ශ‍්‍රී ලංකා රජය හා ඉන්දියානු තෙල් සමාගම අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම ප‍්‍රකාරව මෙම ටැංකි සංකීර්ණය හා ඉඩම් ලංකා ඉන්දියානු තෙල් සමාගමට වසර 35ක කාලයක් සඳහා බදු දෙන ලදී. නමුත් මුල් ගිවිසුමේ දිනයේ සිට මාස 06ක් ඇතුළත විධිමත් බදු ගිවිසුමට එළඹිය යුතුය. කෙසේ වුවත් මේ වන තෙක් එවැනි ගිවිසුමක් අත්සන් කර නැත.” ඒ නිසා පැරණි අවබෝධතා ගිවිසුම තවදුරටත් වලංගු නැති බව ඔහු කියනවා. ඒ අනුව එහි යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා.
01.පහළ කොටසේ ටැංකි 16ක් සහ ඊට අදාළ ඉඩම්වල අයිතිය ඛනිජ තෙල් සංස්ථාවට පවරන ලෙසට ඉල්ලා සිටිනවා. 02. ඉහත පැවරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් සිදුකර ගැනීම සඳහා ඉඩම් දෙපාර්තමේන්තුවට සහ කඩවත් සතර ප‍්‍රදේශීය ලේකම්ට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. 03. ඉතාම කෙටි කාලයක් තුළ පැවරීම සිදුකරගැනීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර ලබාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට, දුම්රිය දෙපාර්තමේන්තුවට, වරාය අධිකාරියට, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. 04. ත‍්‍රීමලය වරායේ ඉහළ කොටසේ පිහිටා ඇති ඉතිරි ටැංකි 69ට අදාළව ව්‍යාපාරික සැලැස්මක් සකස් කරන ලෙසට ඒකාබද්ධ කාර්යසාධන බලකායට කරන ලද නියෝග කරන ලෙසද එය ඉල්ලා සිටිනවා.
මෙම කැබිනට් පත‍්‍රිකාවට 2016 ජුනි 01වැනි දින අනුමැතිය ලැබෙනවා. 2-4 යෝජනා එලෙසම අනුමත කරන අතර පළමුවැන්නට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ පරිදි ඛනිජ තෙල් සංස්ථාවට දිගු කාලීන බදු බදනම යටතේ ලබාදීමට අනුමැතිය පළවුණා. මෙම තෙල් ටැංකි සංකීර්ණය අයි ඕසී එකට අයිති නැති බව මෙම කැබිනට් පත‍්‍රිකාව අනුව සහ කැබිනට් අනුමැතිය අනුව පැහැදිලියි. මෙම අනුමැතියෙන් පසුව සියල්ල විකිණීමට කටයුතු කරන රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් දානවා. 2016 ජුනි 06වැනිදා ත‍්‍රීමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ මෙහෙයුම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරය වෙත භාරදීමට යෝජනා කරනවා. 2016.05.24 දින පැවති කැබිනට් මණ්ඩලයේ එලඹුණු තීරණ අවලංගු කිරීමට ඉන් යෝජනා කරනවා. මෙම විෂය අග‍්‍රාමාත්‍යවරයාගේ නෙමෙයි. නමුත් ඔහු කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඔවුන් මතුරමින් සිටින්නේ එකාබද්ධ ව්‍යාපාර කතාවයි. නැවත විදුලි බල අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් අමාත්‍යවරයා මෙම ටැංකි 16 ආපසු පවරන ලෙසට නැවත කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එයටත් 2016.12.06 අනුමැතිය ලැබෙනවා.
මෙම සම්පත අයි ඕසී සමාගමට අයිතියක් නොමැති බවට තහවුරු වී තිබියෙදී රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා නැවත කැබිනට් පත‍්‍රිකා දමා එය ඉන්දියානු සමාගමට පැවරීමට උත්සාහ දරමින් සිටිනවා. අපට ලැබුණු තොරතුරකට අනුව මෙම අපේ‍්‍රල් මාසය ඇතුළත මලික් සමරවික‍්‍රම ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා. එහිදී ඉන්දියාව සමග එකඟතාවයකට පැමිණ මෙම ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට නියමිතයි. 2003 පැවරීම අභියෝගයට ලක්වී ඇති නිසා දැන් ඔවුන් සැලසුම් කරමින් සිටින්නේ එයටයි.
මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත්, ස්වභාවික සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා දරන ප‍්‍රයත්නයේ නවතම ගොදුර බවට පත්වී තිබෙන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණයයි. තෙල් සංස්ථාවේ වාර්තාවකට අනුව තෙල් ටැංකි සංකීර්ණය උපයෝගී කරගෙන අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, අම්පාර, ත‍්‍රීකාුණාමලය. මඩකලපුව යන දිස්ත‍්‍රික්කවල තෙල් බෙදාහැරීමේ කටයුතු කළ හැකියි. දැනටත් අප එම ප‍්‍රදේශවලට තෙල් ගෙනයන්නේ කොලොන්නාවෙන් හා මුතුරාජවෙලිනුයි. ඒ වෙනුවට තෙල් ත‍්‍රීමලය වරායට ගොඩබා මෙම ටැංකිවල ගබඩා කර බෙදාහැරියහොත් බෙදාහැරීමේ වියදම අවුරුද්දකට රු. මිලියන 618කින් අඩු කළ හැකි බව එය කියනවා. ඒ වගේම කොළඹ වරායේ තෙල් නැවක් බෑමට සති දෙකක් යනවා. නමුත් ත‍්‍රීමලය වරායේ සතියකින් එය කළ හැකියි. ඒ නිසා නැව් ගාස්තු අඩුවෙනවා. තෙල් බෑම, ගබඩා කිරීම හා බෙදාහැරීම පමණක් කළද මෙම ටැංකි සංකීර්ණයෙන් වසරකට රු. මිලියන 1000ක්, කෝටි 100ක්, ලාභ ලැබිය හැකියි. ඒ ප‍්‍රතිලාභ ජනතාවට බෙදිය යුතුයි. නමුත් ආණ්ඩුව සූදානම් වන්නේ එම ලාභය අයි ඕසී සමාගමට දෙන්නයි.
ජාතික සම්පත් විදේශීය සමාගම්වලට පවරා විනාශ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජයට පත් කළ යුතුයි. අපි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා කර තිබෙනවා. වෘත්තීය සමිතිත් දේශපාලන ව්‍යාපාරත් එකාබද්ධව රනිල් වික‍්‍රමසිංහගේ මේ විකිණීමේ ක‍්‍රියාවලිය පරාජයට පත් කළ යුතුව තිබෙනවා. මෙය ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතු විනාශකාරී උත්සාහයක්. එය පරාජය කරන බව අපි ඔබට සහතික ලෙසම කියනවා යයි  පැවසිය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
සේවක අර්ථසාධක අරමුදල කියන්නේ බිලියන 1350ක අරමුදලක්. ගිණුම් තිබෙනවා 2,475,000ක්. මෙම මුදල් ආණ්ඩුවේ මුදල් නෙවෙයි. පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ගේ හා හාම්පුතුන් විසින් බැර කරන ලද මුදල්. ආණ්ඩුවට මේ සම්බන්ධව ඇති බැඳීම මෙම අරමුදලේ භාරකාරත්වය පමණයි. නමුත් ආණ්ඩුව මුදල් මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් කර ප‍්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීමට තීරණය කිිරීමෙන් මෙම අරමුදලට රු. කෝටි 960(බිලියන 9.6ක* පාඩුවක් සිද්ධ වුණා. සමහර අවස්ථාවල ආණ්ඩු සේවක අර්ථසාධක අරමුදලෙන් කඩා වැටුණු සමාගම්වල කොටස් ගත්තා. මේවායින් විශාල පාඩු අරමුදලට සිද්ධ වුණා. හැම ආණ්ඩුවක්ම සේවක අර්ථසාධක අරමුදල සමඟ සෙල්ලම් කළා. සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවලින් 10%ක බද්දක් ලබාගැනීමට ආණ්ඩුවට නීතිමය ප‍්‍රතිපාදන තිබුණා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වේ වෙනකම් එම බද්ද අයකළේ නැහැ. නමුත් රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා මේ වනවිට 14%ක නව බද්දක් යෝජනා කර තිබෙනවා. එමගින් අරමුදල මත 24%ක බද්දක් පැනවේවිද යන්න සැක සහිතයි. මෙය කිසිසේත්ම යුක්තිසහගත නැහැ. වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් මුදල ආයෝජනය කිරීමේ ප‍්‍රතිලාභ ඔවුන්ට ලැබිය යුතුයි. ඉන් ලබන ලාභයටබදු ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි.
සෑම ගුවන්තොටුපොළක්ම ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සකස් විය යුතුව තිබෙනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළද අලූත්වැඩියා කිරීම තේරුම් ගත හැකියි. එහෙත් ඒ වෙනුවෙන් ගුවන් තොටුපොළ වසා තැබීමෙන් සිදුවන පාඩුවට වඩා එයින් ලැබෙන ප‍්‍රතිලාභය විශාල විය යුතුයි. නමුත් දැනට ලැබෙන තොරතුරු අනුව නව අලූත්වැඩියාවෙන් පසුවද ඒ 380 වැනි විශාල ගුවන් යානා එහි ගොඩබැස්වීමට නොහැකි බව පැවසෙනවා. එසේ නම් මෙම අලූත්වැඩියාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව තිබෙනවා.මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු  මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සද  සහභාගි විය

 

Leave A Reply

Your email address will not be published.