අනුරාධපුර නගරය හමාගිය තද සුළං සහ අධික වර්ෂාව සමග ඇතිවූ ගස් කඩා වැටීමෙන් නිවාසයකට වෙළදසැල් තුනකට හා රථ වාහන තුනකට බරපතල අලාභ හානී සිදුවී පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් දිවෙන හරිස්චන්ද්ර මාවතේ තිබූ විශාල ප්රමාණයේ කීරිය ගසක් කඩා වැටීමෙන් කුඩා ලොරි රථයක් හා ත්රිරෝද රථ දෙකකට බරපතල අලාභ හානී සිදුව ඇත.හමාගිය තද සුළං තත්වය නිසා අනුරාධපුර මාතලේ හංදිය ප්රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් නිවසට බරපතල අලාභ සිදුව තිබූ අතර අනුරාධපුර නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක වහල ගැලවී යාමෙන් එම වෙළදසැල්තුල තිබූ භාණ්ඩ රැසකටද හානී සිදුව තිබුණි.එම සිදුවීම් වලට මුහුණදුන් පුද්ගලයන් සිව් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වේ.