topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘‘වංචා දූෂණ පිටු දැකීමට බලය ගත් ආණ්ඩුවත්, ඒ වෙනුවෙන් ප්‍රතිඥා දී සිටින නිලධාරීනුත් මහ දවල් මිනිසුන්ගේ බදු මුදල් කොල්ලකයි’’

 

Natural_Gas _Power _Plants_In_Srilanka

පසුගිය සති කිහිපය පුරා ආන්දෝලනයට තුඩු දුන් ස්වාභාවික වායු විදුලිබලාගාර ටෙන්ඩර ප්‍රදානය මේ වනවිට රටට අහිතකර සහ රුපියල් මිලියන 50,000 කට වැඩි වාර්ෂික පාඩුවක් ගෙන දෙන බලාගාරයක් බවට පත්වී ඇත.

මෙම ටෙන්ඩර් කැඳවීම සඳහා අන්තර්ජාතික තරඟකාරී පදනමින් ආයතන 08 ක් ඉදිරිපත්ව තිබූ අතර පළමු අදියරේදී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලංසු 06 ක් විවෘත කිරීමටත්, එම ලංසු 06 හි සම්පූර්ණ තාක්ෂණික වාර්තා හා මූල්‍ය වාර්තා ඇගයීමටත් නිර්දේශ කරන ලදි.

එහෙත් ඒ අතරවාරයේ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් අත්තනෝමතික අයුරින් SAMSUNG සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව පමණක් විවෘත කිරීමට කටයුතු කොට ඇත.

මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව විෂය භාර අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය කියා සිටියේ, සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඉදිරි ටෙන්ඩර් කටයුතු සිදුකරන බවයි.

අමාත්‍යවරයා එසේ කියද්දීත්, ආචාර්ය බටගොඩ සහ ජී. එස්. විතානගේ යන වංචනික නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 11 වෙනිදා SAMSUNG සමාගමේ ලංසුව පමණක් විවෘත කිරීමට පියවර ගත්තේය. එම අවස්ථාවට SAMSUNGසමාගමට පමණක් ආරාධනා කර තිබූ අතර මූල්‍ය ලංසුව විවෘත කිරීමේදී අනාවරණය වූයේ එය ටෙන්ඩර් කොන්දේසි උල්ලංගණය කර ඇති බවයි.

 

  • SAMSUNG ටෙන්ඩරය, ටෙන්ඩර් රෙගුලාසි වල රෙගුලාසි 04 ක් උල්ලංගණය කරයි.

අදාළ ටෙන්ඩරයේ රෙගුලාසිවලට අනුව ලංසුවට අදාළ මූල්‍ය සහ ගිණුම් තොරතුරුවල මුද්‍රිත පිටපත් සහ පරිගණක පිටපත් ලබාදිය යුතුය. මෙම ටෙන්ඩරයට SAMSUNG සමාගම මුද්‍රිත පිටපක් ඉදිරිපත් නොකර ඇති අතර ලබාදී ඇති මෘදු පිටපත(Soft Copy) ද  ටෙන්ඩර් විවෘත කිරීමේදී විවෘත කරගත නොහැකි වී ඇත.

එම රෙගුලාසි උල්ලංගණය ලංසුකරුවන් එම ටෙන්ඩරයෙන් ඉවත් කිරීමට හේතුවක් වුවත් බටගොඩ සහ විතානගේ දෙපල එම තත්ත්වයද නොසලකමින් මෙගාවොට් 300ක ධාරිතාවයේ ස්වාභාවික විදුලිබලාගාරය ඉදිකිරීමේ එකම සුදුස්සා SAMSUNG සමාගම  පමණක් බව ප්‍රකාශ කරයි.

SAMSUNG සමාගම ඉදිරිපත් කර ඇති මිළ ගණන් අනුව මෙගාවොට් 300ක බලාගාරය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් දක්වා ඇත. බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම මුදලට මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකළ හැකි බවයි.

තවද, ඕනෑම බලාගාරයක් ඉදිකිරීමේදී ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු අතර එහිදී බලාගාර ධාරිතාවය සහ බලශක්ති ධාරිතාව මත අගයන් තීරණය කෙරේ. බලශක්ති ධාරිතාවය තීරණය කෙරෙනුයේ බලාගාරයේ එක් විදුලි ඒකකයක් ජනනයට වැයවන ඉන්ධන ප්‍රමාණය මත පදනම්වයි. එම තත්ත්වය යටතේ බැලුවද SAMSUNG සමාගම ඉදිරිපත් කර ඇති බලශක්ති ධාරිතාවය ලොව සම්මත ධාරිතාවන්ට වඩා ඉතාමත් අඩු අගයක පවතී.

  • SAMSUNG සමාගම මෙගාවොට් 300ක බලාගාරය ඉදිකරන්නේ නම් වාර්ෂිකව  රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 50,000 කි.

ඒ අනුව කාගේ හෝ අවශ්‍යතාවයකට මහජන බදු මුදලින් ඉදි කෙරෙන මෙම බලාගාරය SAMSUNG සමාගම ඉදිකරයි නම් පවතින මිළ ගණන් යටතේ එක් වසරකට රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 50,000 කි.

එමෙන්ම විදුලි ඒකකයක් උත්පාදනය සඳහා වන වියදම මත පදනම්වද අනාගතයේදී  විදුලි ඒකකයක් උත්පාදනය සඳහා වන මිළ ඉහළ යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු වෘත්තීය සංගමය පෙන්වා දෙයි.

කිසිදු තාක්ෂණික අවබෝධයක් නොමැති බටගොඩට හෝ විතානගේට තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොතකා කටයුතු කිරීමට ඇති බලය කුමක්ද ? එයින් රටට සිදුවන අති විශාල පාඩුව අවසානයේ දැරීමට සිදුවන්නේ මහජන බදු මුදලින් නොවේද ? මහ දවල් මහා පරිමාණ වංචාවන්, දූෂණයන් සිදුවද්දී, වංචාවන් දූෂණයන් පිටුදැකීමට බලය ගත් ජනපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව, මැති ඇමතිවරු, දූෂණ විරෝධී කණ්ඩායම්, මාධ්‍ය, සිවිල් සංවිධාන සහ මේ රටේ බදු ගෙවන පුරවැසියන් මේ පිළිබඳව කිසිදු හඬක් හෝ සාධාරණ පිලිතුරක් වෙනුවෙන් කටයුතු නොකරන්නේ ඇයි ?7

Leave A Reply

Your email address will not be published.