අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ උද්ඝෝෂණ සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද යන්න සොයා බැලීම සඳහා බන්ධනාගාර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) බන්දුල ජයසිංහ සඳහන් කර තිබේ. මේ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි ද ඔහු පවසා ඇත.
සිරකරුවන් සිරකුටිවලින් පිටතට පැමිණීම සිදුවූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බවද ලෙකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.