topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂණ,වංචා පරීක්ෂණවලට බාධා කරන්නේ කවුද?

Studio_20170521_120006

“වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ දූෂිතයන්ට දඬුවම් දෙන බව පවසමින්. එහෙත් එවැනි පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් ඉන්නවා. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කරන්න ඒවාට තිරිංග දමන්න අවශ්‍ය වුනා කියල මට දැන් හිතෙනවා. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මම ඒ ගැන දැන සිටියේ නැහැ”

“මට වසර තිහකට අධික කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කටයුතු කරලා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුවයි මම කටයුතු කරමින් සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මගේ ඥාතියෙක්. එයත් නොතකා මම මේ රජය බලයට ගෙන ඒමට හවුල් වුණේ දූෂණ මැඩලීමට ඇති උවමනාව නිසයි” බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

“මට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුනේ එම පරීක්ෂණ පෙරට යමින් තිබෙන අතරයි” ඔහු පවසයි.

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැවරුණ කාර්යය වුනේ 2015 ජනවාරි මාසය දක්වා සිදු කොට ඇති වංචා විමර්ශනය කිරීම යයි සඳහන් කළ එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, සිය නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා යටතේ පැවති ලක් සතොස මගින් සහල් ආනයනයේ දී විශාල පාඩු සිදුව ඇතිබව හෙළිදරව් වූ බව කියා සිටියි.

දේශපාලන බලපෑමට යටත් වූ ආයතනයක්ද?
දේශපාලන බලපෑමට යටත් වූ ආයතනයක්ද?

“සහල් ආනයනයේ දී සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කෙරෙන්නේ රාජ්‍ය මට්ටමින් රජයක් සමඟයි. නමුත් ලක් සතොස සහල් ආනයනයේ දී එය සහමුලින්ම සිදුකර තිබුණේ පෞද්ගලික අංශයත් සමඟයි. එය බරපතළ වංචාවක්” ලැසිල් සිල්වා පෙන්වා දෙයි.

හෙමින් ගමනකට උපදෙස්

“මගේ පදවිය අවසන් කෙරුණේ පරීක්ෂණ අඩපණ කරන්න වෙන්න පුළුවන්. ජනාධිපති ලේකම්තුමා මට කිව්වා- මේ කටයුතු තරමක් හෙමින් කරන්න කියල. නමුත් ජනාධිපතිතුමා කිසිම මැදිහත් වීමක් කළේ නැහැ.හෙමින් කරන්න කියල එතුමා කිව්වේ නැහැ. ඒත් සහල් ප්‍රශ්නය පිළිබඳ කරුණු හෙළිදරව් වෙමින් තිබියදී එය නතර කරන්න සමහරු උත්සාහ කළා. ප්‍රශ්න රැසක් නිර්මාණය වුනා. ඒ අතර තමයි මට සේවය අහිමි වීමේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ” ලැසිල් සිල්වා වැඩිදුරටත් සදහන්කර ඇත.

“බරපතළ ප්‍රශ්න වලදී මට ජනාධිපතිතුමාගේ සහයෝගය ලැබුණා. නමුත් අන්තිම කාලයේ මට හැඟුණ දේ තමයි- රිෂාඩ් බදියුදීන් වගේ ඇමතිවරුන්ගෙන් ජනාධිපතිතුමාට බලපෑම් ඇති වූ බව. එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ තියා ගැනීමට ඇති උවමනාව වගේ කරුණු ජනාධිපතිතුමාට බලපෑවද කියන්න බැහැ” බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රශ්නයක් මතු කරයි.

“මට සමහර ඇමතිවරු කතා කළා. ඒත් අපි කටයුතු කළේ නියමිත ක්‍රමවේදය අනුව. බලපෑම් නිසා අපි කටයුතු දියාරු කළේ නැහැ. ඒ තත්වය යටතේ මගේ නිලය අවසන් කළේ සිදු කෙරෙමින් තිබුණ පරීක්ෂණ නතර කරන්න වෙන්න පුළුවන්”

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදු කරන ලද්දේ ආණ්ඩුවට සහයෝගය නොදුන් පුද්ගලයන් ඉලක්ක කරමින් බවට සමාජ මතයක් තිබෙන බවත් නමුත් එය එසේ නොවූ බවත් නිදසුනක් වශයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිළිබඳව විභාග කිරීම පෙන්වා දියහැකි බවත් සඳහන් කළේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.