ආපදා තත්වයෙන් ඇතිවු නාය යාම් හේතුවෙන් සබරගමු පළාතේ පාසල් ළමුන් 16 දෙනෙකුගේ ජිවිත අහිමිව ඇති බව එම පළාතේ අධ්‍යාපන ඇමති භාණු මුණිප්රිය පවසයි මරණයට පත් පාසල් ළමුන්ගෙන් දහදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල කිරිබත්ගල කන්දේ සිදු වූ නාය යාමට හසු වූ ‘කුරහන’ ගමේ දරුවන්ය.
නිල වාර්තාවලට අනුව සබරගමු පළාතේ පාසල් 48 ක් ගංවතුරට හසුව හානියට පත්ව ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ හානිවු පාසල් ගණන 40කි.
පොත්පත් සහ නිල ඇදුම් අහිමි වූ පාසල් ළමුන් සඳහා සබරගමු පළාත් සභාවේ වියදමින් අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට විශේෂයෙන් උපදෙස් ලබා දී ඇති බව සදහන්ය.