රත්නපුර කොට්ඨාශයේ පොලිස් නිලධාරින් විසින් සිදුකල විශිෂ්ඨ රාජකාරියන් ඇගයිමට ලක් කරමින් ඒ වෙනුවෙන් ත්‍යාග හා චෙක්පත් ප්‍රධානය කිරිමේ උත්සවයක් පසු ගිය දින රත්නපුර නව නගරයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි රත්නපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ගේ අධික්ෂණය යටතේ අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම සහභාගි වු අතර ප්රාද්ශිය ලේකම් සී.එම්. කොට්ටවත්ත , රත්නපුර කොට්ඨාශයේ රාජ්‍ය නිවේදිත නිලධාරින්ද සියළුම මු.පො.ප.වරුන් සහ ස්ථානාධිපති වරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ද මෙම උත්සවයට සහභාගි විය.
එහිදි ත්‍යාග හා චෙක්පත් ප්‍රධානය සංකේතවත් කරමින් පොලිස් නිලධාරින් 36 දෙනකු සදහා රු.10,85,237.00 ක චෙක්පත් ප්‍රධානය කරන ලදි.