වශී ගුරුකම් වල සත්‍යතාවයක් තිබේද යන්න විද්‍යාත්මකව සහ ශාස්ත්‍රීය වශයෙන් විමසා බැලීමක් අද (27) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘යථාරූප’ සජීවී සංවාද මණ්ඩපයෙන් සිදුකෙරේ.
හෑගොඩ විපස්සි හිමි, ජන විශ්වාස පරියේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් සහ මානව විද්‍යා කථිකාචාර්ය සංජීවනී රූපසිංහ යන විද්වත්හු එම සජීවී සංවාද මණ්ඩපය සඳහා එක් වෙති.
‘යථාරූප’ සුමින්ද තිලකසේන ගේ නිෂ්පාදනයකි.