topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලනයේ සහන එයි.

 17 දා මධ්‍යම රාත්‍රියේ සිටම ක්‍රියාත්මක වන ලෙස  කුඩා ලොරි රථ හා සිංගල් කැබ් රථවල මිල රුපියල් ලක්ෂ තුනකින්, යතුරුපැදියක මිල රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මිලකින් අඩුවන ආකාරයේ සහන පිරිනැමෙන බදු අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කෙළේය.

ඊට අමතරව අන්තර්ජාල භාවිතයට ගැනීමේදී අයකළ සියයට 10 බද්ද ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර ඇත.

කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (17) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

‍රටේ ආර්ථික දියුණුවට බෙහෙවින්ම බලපාන සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රවල විශාල පිම්මක් මේ බදු අඩු කිරීමෙන් සිදුවෙතැයි ද ඒ තුළින් කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව දිරිගැන්වී නව ව්‍යාපාර ඇරඹීමට පෙලඹවීමක් සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

ඇත්තටම වසර 2017 අය-වැයෙන් අන්තර්ජාල භාවිතයේදී දත්ත (ඩේටා) මත පදනම් වූ බද්ද සියයට 25 කින් ඉහළ දැමීමට යෝජනා කොට තිබුණා. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ සමඟින් සන්නිවේදන අංශයේ පාරිභෝගික ජනතාවට සියයට 35ක අතිරේක සහනයක් හිමිවනවා යැයි ද ඇමැතිවරයා කීය.

“රට පුරාම නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට අපි සූදානම්. මේ අයට තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න කුඩා ලොරි රථයක්, සින්ගල් කැබ් එකක්, යතුරුපැදියක් මිලදී ගන්න ඕනෑ. ඒ සඳහා අපි රජයක් ලෙස උදව් කළ යුතුයි. ඒ අනුව රජය අයකරන ලක්ෂ 10ක නිෂ්පාදන බද්ද ලක්ෂ 7ක් දක්වා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරනවා. ඒ අනුව මේ වාහනවල මිල දැන් මිලට වඩා රුපියල් ලක්ෂ 03කින් අඩුවෙනවා. මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

“යතුරුපැදිවලින් අයකරන බදු අඩු කරනවා. එන්ජින් ධාරිතාව 50 CC සිට 150 CC දක්වා යතුරුපැදිවලින් අපි අය කරන බදු අඩු කරනවා.

දැනට එන්ජින් ධාරිතාව 50 CC ට අඩු යතුරුපැදිවලින් 90%ක් හෝ “C” “C” ඒකකයකට රුපියල් 500ක බද්දක් අයකරනවා. නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට අය කරන්නේ CC ඒකකයකට රුපියල් 500 බද්දක් විතරයි.

එන්ජින් ධාරිතාවය 50 CC සිට 150 CC යතුරුපැදිවලින් සියයට 90ක් හෝ CC ඒකකයකින් රුපියල් 1000 බද්දක් අය කළා. දැන් අය කරන්නේ CC ඒකකයට රුපියල් 1000 බද්ද පමණයි. මේ අනුව යතුරුපැදියක මිල 50,000 සිට රුපියල් ලක්ෂයකින් අඩු වෙනවා.

මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න 

ජනපති – අගමැති නායකත්වයෙන් යුත් රජය රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දියුණුවට අතදීමට බැංකු පද්ධතිය හරහා අඩු පොලියට ණය මුදල් ලබාදෙන ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මක කරනවා.

මේ ණය මුදල් ලබාදීම්වලට මේ අවුරුද්දේ පමණක් පොලී සහනාධාරය ලෙස රුපියල් මිලියන 4475ක් රජය දරනවා යැයි ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

රටේ අලුත් ව්‍යවසායක ප්‍රජාවක් බිහි කළ යුතුයි. ඔවුන් අප රට ඇතුලේ වෙළෙඳපොළට පමණක් සීමා නොවී පිටරට වෙළෙඳ පොළ දිනා ගන්නා පිරිසක් බවට පත් කරගත යුතුයි. ඒ සඳහා අපි උදව් කරනවා.

රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවට ව්‍යාපාරයක් දියුණු කරන්න රුපියල් මිලියන 50 උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදෙනවා. ඒ අය තම නිෂ්පාදන පිටරට යවනවානම් ණය මුදල රුපියල් මිලියන 100ක් දක්වා වැඩි කරනවා.

මේ අංශයේ යම් අයෙකුගේ පිරිවැටුම රුපියල් මිලියන 250 – 750 අතරේ නම් ඔවුන්ට ව්‍යාපාරය දියුණු කර ගන්න රුපියල් මිලියන 200 උපරිම ණය මුදලක් ලබා දෙන්න සූදානම්. නමුත්! මේ අය තමන්ගේ නිෂ්පාදන පිටරට යවනවා නම් මේ ණය මුදල රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළා. අඩු පොලී අනුපාත යටතේයි මේ අරමුදල් ලබා දෙන්නේ, රාජ්‍ය ඇමැතිවරයා කීය.

මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. සෙනෙවිරත්න යන අය එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.