පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ 27 වෙනිදා පැවැත්වුනු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවු කලහාකාරී තත්වයක් හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදු විය.
ඉන්දියානු කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය සදහා ළකුණු අටක් පමණක් ලබා ගතයුතුව තිබු මොහොතේ ක්‍රීඩා ලෝලීහු වතුර බෝතල් ආදිය ක්‍රීඩාංගනයට විසි කරමින් කලහාකාරීලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය සහ කැරලි මර්දන පොලිසිය යොදවා කලහකාරී ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට සදුවිය.
යළි තරඟය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම ඕවර් 45 .1 කදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණ ළකුණු අට ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.
තරඟයේ දී පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 50 ට කඩුලු නවයක් දැවී ළකුණු 217 ලබා සිටි අතර, ඉන්දියානු කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් කඩුලු හතරකට ළකුණු 210 ක් ලැබ සිටියදී ක්‍රීඩාගාරය තුළින් විරෝධතා ව්‍යාපාරය මතුවිය.